ආදරෙත් එක්ක උයන්න - ඊයේ රෑ කෑමට හදපු නාසිගොරෙන්

Cook with Love
Cook with Love
105.3 هزار بار بازدید - 10 ماه پیش - ඊයේ රෑ නාසිගොරෙන් හදද්දි මේ
ඊයේ රෑ නාසිගොරෙන් හදද්දි මේ විඩියෝ එක ගත්තේ. පොඩ්ඩක් දිගයි. රෑ කෑම වේලම තියනවා.

නාසිගොරෙන් හදන්න මට ඕන වුන දේවල්

▪️බාස්මති හාලෙන් කෝප්ප දෙකක් උයාගත්තා
▪️කපපු කැරට් අල1 ක්
▪️පොඩියට කපපු ලීක්ස් ගස් 2 ක්
▪️පොඩියට කපපු බෝංචි ග්‍රෑම් 120 ක්
▪️පොඩියට කපපු බෙල් පෙපර් 2 ක්
▪️ලූනු ගෙඩිය්ද්කින් භාගයක්
▪️සුදුලූනු බික් 1 ක්
▪️ඉගුරු පෙති 2 ක්
▪️බිත්තර 2 ක්
▪️තෙල් මේසහැදි 2 ක්
▪️කටු රහිත කුකුල්මස් කෑල්ලක්
▪️ගම්මිරිස් කුඩු තේහැදි භාගයක්
▪️ලුණු කුඩු තේහැදි 1 ක්
▪️සුදුලූනු පේස්ට් තේහැදි භාගයක්
▪️ඉගුරු පේස්ට් තේහැදි භාගයක්
▪️සෝයාසෝස් තේහැදි භාගයක්
▪️shrimp paste මේසහැදි 2 ක්
( shrimp paste වෙනුවට, chilli paste පාවිච්චී කරන්න පුළුවන් )


කුකුල් මස් ටික මැරිනේට් කරන්න
▪️කුකුල් මස් ග්‍රෑම් 850 ක්
▪️ලෙමන් යුෂ් තේහැදි 2 ක්
▪️ලුණු කුඩු තේහැදි 1 ක්
▪️සුදුලූනු පේස්ට් තේහැදි 1 ක්
▪️ඉගුරු පේස්ට් තේහැදි 1 ක්
▪️කහ කුඩු තේහැදි කාලක්
▪️මිරිස් කුඩු තේහැදි 1 ක්
▪️ගම්මිරිස් කුඩු තේහැදි 1 ක්
▪️බැදපු තුනපහ කුඩු තේහැදි 1 ක්
‍▪️යෝගට් මේසහැදි 2 ක්

ගොඩක් ස්තුතියී මාව අහන් හිටියාටයි, බලන් හිටියාටයි..

ආදරෙන්,
හෂී🌸
10 ماه پیش در تاریخ 1402/08/19 منتشر شده است.
105,356 بـار بازدید شده
... بیشتر