ආදරෙත් එක්ක උයන්න - පුංචි අයට උදේට කන්න හදපු ඕට්ස් බනානා චොක්ලට් මෆින්ස්

Cook with Love
Cook with Love
19.3 هزار بار بازدید - 12 ماه پیش - මේ දවස් වල මගේ කටේ
මේ දවස් වල මගේ කටේ තියන්නේම, කන්න මොනාද ඕනේ, මොනා හරි හදන්නද?, අද මොනාද කන්නේ හෙට මොනාද?,  කන්න හදලා ඕනේ වගේ ප්‍රශ්න. එහෙම අහන එකම මං මගේ දරුවන්ට ආදරේ පෙන්නන විදියක් කියලායි මට හිතෙන්නේ. අද උදෙත් මං ආදරේ එකතු කරලා ඔට්ස් බනානා චොක්ලට් මෆින්ස් හැදුවා මගේ පැටව් තුන්දෙනාට..

නිවාඩු දවස් වුනත් උදෙන් ඇහැරලා වැඩ ටික කරාම වෙලාව ඉතුරුයි. ඉතුරු වෙලාව එයාලා එක්ක ගේම්ස් ගහන්න, ඉස්කෝලේන් එවපු හෝම්වර්ක් කරවන්න කාටුන් මූවි එකක් එකට ගුලි වෙලා බලන්න පුළුවන්. ඉතින් අද මේ විඩියෝ එක හැදුවේ එයාලා තුන්දෙනා සෙල්ලන් කර කර ඉදිද්දි, පුංචි වෙලාවක් මං වෙනුවෙන් වෙන් කරන්..

🔹ඕට්ස් බනානා චොක්ලට් මෆින් හදන්න අරගත්තේ
▪️Instant oats ග්‍රෑම් 200 ක්
▪️චොක්ලට් පවුඩර් ග්‍රෑම් 25 ක්
▪️බේකින් පවුඩර් තේහැදි 1 ක්
▪️බේකින් සොඩා තේහැදි භාගයක්
▪️ලුණු කුඩු අතේ ඇගිලි තුඩු වලින් අරන් එක පාරක්
▪️කෙසෙල් ගෙඩි 3 ක්
▪️බිත්තර 2 ක්
▪️වැනිලා තේහැදි 1 ක් (80ml)
▪️මේපල් සිරප් මේසහැදි 5 1/2 ක් (70 ml)
▪️එලවළු තෙල් මේසහැදි 4 ක්
▪️චොකෝ චිප්ස් කෝප්ප භාගයක්..

ගොඩක් ලේසි හදන්න.. පුළුවන් වුනොත් හදලා බලන්න. මගේ අවන් එක මේ දවස් වල හොද තත්වේකින් නෙවෙයි තියන්නේ. වැඩ කරයිද නැද්ද කියලා බයකින් හැදුවේ. ඒත් නතර නොවී මෆින් ටික හදාගන්න වැඩ කරා.  ඒකත් අද දවසට එකතු වුන සතුටක්.,😇

ගොඩක් ස්තුතියී මාව බලන් හිටියාටයි, අහන් හිටියාටයි❤️

ආදරෙන්,
හෂී🌸
12 ماه پیش در تاریخ 1402/05/04 منتشر شده است.
19,381 بـار بازدید شده
... بیشتر