'Bento' Made with Love ❤️ ආදරේ එකතු කරලා හදන අයාන් පුතාගේ බෙන්තෝ එක.. ❤️

Cook with Love
Cook with Love
96.4 هزار بار بازدید - 2 سال پیش - A home packed meal in
A home packed meal in Japan is called a bento. I learnt the art of bento making after moving to Japan because I wanted to surprise my kids with a beautiful lunch box everyday. I try to get creative in my own way when ever I make a bento. If you haven’t tried already do give it a try. The joy of packing a beautiful meal for your loved ones brings you so much happiness and I hope you will feel it too. Sharing the Bento I  made for my son for school in this video. Hope you enjoy!


මේ මං ආසාවෙන් කරන දෙයක සතුට පොඩි විඩියෝ එකකින් ඔයාලා එක්ක බෙදාගන්න එක කරන්නේ. මං තදින් විශ්වාස කරනවා සතුට බෙදාගනිද්දි අනික් පැත්තට සතුට දෙගුණ වෙලා ලැබෙනවා කියන එක. බෙන්තෝ කියන්නෙත් මගේ ජීවිතේ සතුට එකතු කරපු සුන්දර දෙයක්. මගේ ආදරේ මගේ දරුවන්ට පෙන්නන්න පුළුවන් සුන්දර විදියක්.. මේ මට ආවේනික බෙන්තෝ රටාවක්..

ඔයාලා දන්නවද දැන් මගෙන් කවුරුහරි ඇහුවොත් මං වැඩියෙන්ම සතුටුවෙන්නේ දවසේ කොයිවෙලාවටද කියලා, මං කියන්නේ මගේ අයාන් පුතාගේ කෑමපෙට්ටිය හදන වෙලාවට කියලා. ඒක මම කෑමවලින් විතරක් නෙවෙයි ආදරෙනුත් පුරවනවා. මට පුළුවන් උපරිමෙන්, අයාන් පුතා ආස කෑමවලින් මං ඒක ලස්සනට හදනවා. ඒගමන්ම මාත් ඒක විඳිනවා. අයාන් පුතාගේ විතරක්ම නෙවෙයි නතාරී දූගෙයි, ඔවින්‍යා දූගෙයිත් එහෙමයි. දැන් එයාලා ප්‍රාථමික පාසල්වලට යන නිසා කෑම ගෙනියන්නේ නෑ. ජපානේ ප්‍රාථමික පාසල්වල දරුවන්ට ඉස්කෝලෙන් කෑම දෙනවා. අයාන් පුතා තාම පෙරපාසල් යන නිසා, එයාගේ කෑමපෙට්ටිය ලස්සනට හදන්න මට පුළුවන්කම ලැබිල තියෙනවා.

මෙහේ කෑම පුරවපු පෙට්ටියට කියන්නේ ‘බෙන්තෝ’ කියලා. ලස්සනට කෑමපෙට්ටිය හදන එක මෙහේ ලස්සන කලාවක්. මේ රටට පිංසිද්ධ වෙන්න මාත් ඒ කලාව ඉගෙනගෙන පොඩ්ඩක් මගේම රටාවකට කරන්න අරන් දැන් සෑහෙන කාලයක්. මට ඕන මං ඒ සතුට ඔයලාට බෙදන්න. මහත්තයාට හරි, දූට පුතාට හරි හදන කෑමපෙට්ටිය ඔයාටම ආවේණික ලස්සනකට හදන්න ආසාවක් ඔයාලගේ හිතෙත් ඇතිකරන්න.

සොසේජස් ගැන කිව්වොත් සොසේජස් දවසගානේ වේල් තුනට ගන්නයි සුදුසු නැත්තේ. එතකොට පිලිකා අවධානමක් එන්න පුළුවන්. මාසෙට දෙතුන් වතාවක් කෑවාට කිසිම හානියක් නෑ. පවිත්‍රා පතිරත්න කියන රසායන විද්‍යාව පිලිබද සහාය මහාචාර්යවරියක් එයාගේ ලිපියක ලියලා තිබුනේ..

ජපානේ සමහර පෙරපාසල්වලත් කෑම දෙනවා. ඒත් අයාන් පුතා යන පෙරපාසලේ කෑම දෙන්නේ නෑ. අපි හදලා යවන්න ඕනේ.  විදුහල්පතිනිය කියන්නේ අම්මා දරුවාට හදලා දෙන කෑමපෙට්ටිය නිසා දරුවාගෙයි අම්මාගෙයි බැඳීමට තව ආදරේ එකතුවෙන්න ඒක ලොකු උදව්වක් වෙනවා කියලා. ඒක ඇත්ත. ඉස්සර වගේ අයාන් උදේට නැගිටලා ගුඩ්මෝර්නින් නෙවෙයි කියන්නේ, ‘Mama, Ayaan bento ready’ කියලයි මගෙන් අහන්නේ. ඒ තරම් පාට පාට පිරුණ කෑමපෙට්ටියට පුතා ආසයි.

අපි අපෙන් සතුට හොයාගත්තාම, දරුවන්ගේ කෑමපෙට්ටියෙනුත් අපිට සතුට හොයාගන්න පුළුවන්.
ඉතින්, මේ කියන්නේ මේ විදියට කෑමපෙට්ටි හදන්න නෙවෙයි, අපි කරන දේ ආදරෙන් ආසාවෙන් කරන තරමට අපිට සතුට හොයාගන්න පුළුවන් කියලා. අපි සතුටෙන් ඉන්න තරමට අපේ පවුලේ සතුටත් රැඳෙනවා. ඒ විතරක් නෙවෙයි රැකෙනවා.
සතුට හැමදේකම තියෙනවා. කාටවත් ඒක හොයලා දෙන්නබෑ. අපිම හොයාගන්න ඕනේ. කාටහරි මග පෙන්වන්න පුළුවන්. ඒත් හොයාගන්න ඕනේ අපිමයි.

කරදරදයක්, වදයක් කියලා හිතුණ ගොඩක් දේවල්වලින් සතුට හොයාගත්ත කෙනෙක් මම. ඒකයි බය නැතුව ඒ ගැන ලියන්න මට පුළුවන් වුණේ. ඒ නිසා කරදරයක්, වදයක්, දුකක් කියලා හිතෙන හැමතැනකම සතුට ටිකක් හරි හැංඟිලා තියෙනවා කියන එක මතක තියාගන්න. ඒක හොයාගන්න. එකපාරක් හොයාගත්තාම දිගටම හොයන්න ඇබ්බැහි වෙනවා.

සතුට හොයන එක, සතුටින් ඉන්න එක ඇබ්බැහියක් කරගන්න.

එතකොට ඔයාටත් පුළුවන් අදට වඩා හෙට සතුටින් ජීවිතේ විඳින්න.

ආදරෙන්,
හෂී🌸


'Cook with Love' Facebook page
Facebook: madebyhashi

'Cook with Love' Instagram Page
https://instagram.com/homeyfoodies?ig...

'Cook with Love' Tiktok
www.tiktok.com/@homeyfoodies

Background music
Music: No Worries
Musician: Anton Vlasov
Site: https://pixabay.com/music/-no-worries...
2 سال پیش در تاریخ 1401/09/24 منتشر شده است.
96,401 بـار بازدید شده
... بیشتر