පුදුකුඩියිරුප්පු පස් බැම්මේ සටන- FIRE FIGHT @ PUDUKUDYIRUPPU EARTH BUND

Amal Samantha
Amal Samantha
371.7 هزار بار بازدید - 4 سال پیش - 🇱🇰💥රැකියාවක බිහිසුණු මතක 41....🔴යුද හමුදාව
🇱🇰💥රැකියාවක බිහිසුණු මතක 41....

🔴යුද හමුදාව පුදුකුඩිඉරුප්පු නගරය වටලා පහර දෙයි.
***********************************************
2009 පෙබරවාරිය යි.
බ්‍රිගේඩියර් කමල් ගුණරත්න අණදුන් 53 සේනාංකය යටතේ ඇති ගුවන් සංක්‍රමණික හා 533 බලසේනා වල බලඇණි මෙන්ම කර්නල් විජිත රවිප්‍රිය අණදුන් 8 වැනි කාර්ය සේනාංකයේ හමුදා බලඇණි ඒ වන විට සිටියේ පුදුකුඩිඉරුප්පු නගරයට දකුණින් දැඩි ප්‍රහාර එල්ල කරමින් ත්‍රස්තවාදීන්ට අතිශය දරුණු තෙරපුමක් ලබාදෙමිනි. ඒ පුදුකුඩිඉරුප්පු අහිමි කරගැනීමේ කොටි සංවිධානයේ දැඩි නොකැමැත්ත නිසාය. මන්ද, පුදුකුඩිඉරුප්පු යනු කොටි සංවිධානයට ඒ වන විට ඉතිරිව තිබු අවසානම බලකොටුව (Stronghold) හා නගරය වූ බැවිනි. නගරයට යුද හමුදාව ඇතුළුවීම ප්‍රමාද කිරීමට ත්‍රස්තවාදීන් ගොඩනැගූ අවසන් පස්බැම්ම ඒ වනවිටත් යුද හමුදාව අතේය.එය නගරය වට වන ආකාරයට ඉදිකර තිබිණ.
      වාහනයක් ගිය සැනින් ඔඩ්ඩුසුඩාන් -පුදුකුඩිඉරුප්පු මාර්ගය පිටි වැනි දූවිලි වලින් වැසී යයි. අපි ද දුහුවිල්ලෙන් උපන් සතුන් සේ ඊට හුරුවී සිටියෙමු. දිනක් මමත් කැමරා ශිල්පී තුෂාරත් ඔඩ්ඩුසුඩාන් මාර්ගයේ බ්‍රිගේඩ් වත්තේ
සැකසෙයි. ඒවා ප්‍රයෝජනයට ගැනීමට ඒ මොහොතේම සිදුවනු ඇතැයි මා නොසිතුවත් මේ බිමේ සියල්ල අනපේක්ෂිතය. මේ පණපිටින් සිටින මාද ඊළඟ නිමේෂයේ මලකඳක් විය හැකිය.
පස් බැම්මේ වම් කෙළවරින් මුසා නොගත් ඉසව්වට සැනකින් වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එය රතිඤ්ඤා වැලකට ගිනි තැබුවා සේ සැනෙකින් අප සිටි ස්ථානය කරා පැතිර යන්නට ගතවූයේ තප්පර දෙක තුනක් පමණි. දැන් පස් බැම්ම එකම වෙඩි පිටියකි. කැමරා ශිල්පී Thushara Rajakaruna පස් බැම්මට මුවා වී, ඒ කොන මේ කොන දිව්වේ හොඳම වෙඩි තබන්නා කැමරාවට හසුකර ගැනීමට මෙනි. T56, LMG ,MPMG, GPMG, 12.7 වැනි විවිධ ගිනි අවි එකවර ක්‍රියාත්මක වෙයි. හාත්පස දුහුවිල්ලෙන් වැසී යමින් තිබුණේ ගිනි අවි වල පීඩනය හා සෙබලුන්ගේ කලබලකාරී බව නිසාය. ප්‍රහාරයේ ඉලක්කය පස්බැම්මට ඉදිරියෙන් සැඟවී දිවයන ත්‍රස්තවාදීන් පිරිසකි.
මෙවැනි ප්‍රහාරයක් මැද මෝටාර් ප්‍රහාරයක් බොහෝවිට අපේක්ෂා කළ හැකිය. කිසිදු ආවරණයක් නැති මෙහි පිහිටට තිබුණේ ගස්වැල් පමණි. එකම තුරුම්පුව මෝටාර් ආවොත් Down  යාමය. ක්ෂණිකව ඊට සමීපව ස්ථානගත කර තිබු 4 වැනි සන්නද්ධ බලඇණියේ රථ දෙකක් පස්බැම්ම වෙත පැමිණ මාර්ගයේ ඉදිරියෙන් පිහිටි සැඟවුම් පොල වෙත දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. ඒ වන විට වෙඩි ප්‍රහාරය නතර වී තිබිණ.
         යුද බිමට අලුතින්ම එක් කෙරුණු (Brand New) ගිනිඅවි වලින් දුම් දමමින් තිබෙනු දක්නට ලැබිණ. ඒ එම අවි හරි හැටි පදම් වී නොතිබූ නිසාය.

* AMAL SAMANTHA *
4 سال پیش در تاریخ 1399/03/05 منتشر شده است.
371,722 بـار بازدید شده
... بیشتر