තීපන් ඇතුලු ත්‍රස්තයන් සිය ගණනක් විනාශ කළ පුදුකුඩියිරුප්පු ප්‍රහාරය- Pudukudyiruppu LTTE Debacle

Amal Samantha
Amal Samantha
568.5 هزار بار بازدید - 4 سال پیش - 💥🇱🇰රැකියාවක බිහිසුණු මතක 49....🔴 ත්‍රස්තවාදීන්
💥🇱🇰රැකියාවක බිහිසුණු මතක 49....

🔴 ත්‍රස්තවාදීන් 600 ක් සැන්ඩ්විච් කළ පුදුකුඩිඉරුප්පු අවසන් ප්‍රහාරය
*************************************
     මගේ මතකය නිවැරදි නම්, දිනය 2009 පෙබරවාරි 19 වැනිදාය.
පුදුකුඩිඉරුප්පු මංසන්ධිය ත්‍රස්තවාදී ග්‍රහණයෙන් ගිලිහී ගියත් ඊට යාබද ප්‍රදේශ අල්ලා ගනිමින් මුල්ලිවෛක්කාල් හෙවත් නැගෙනහිර දෙසට හමුදා ක්‍රියාන්විතය ඉදිරියට යාම වලකාලීමට LTTE සංවිධානය නොගැසු තුරුම්පුවක් නැත. 58 සේනාංකය පුදුකුඩිඉරුප්පු - පුදුමාතලන් මාර්ගයට සමීප ඉරණපලෙයි ප්‍රදේශය පසුකරමින් ඉදිරියට යාමත්, 53 සේනාංකය ආනන්දපුරම් ප්‍රදේශයට ලඟාවීම වැලැක්වීමටත් දෙවැනි පෙල ත්‍රස්තවාදී නායකයෝ සියලු දෙනාම පාහේ සටනට බැස සිටියහ.
සටන් මෙහෙයවූ ප්‍රබලතම දෙවැනි පෙල නායකයා වුයේ 'තීපන්' ය. යාපනය සන්නද්ධ අංශ නායකයා ලෙස කොටි සංවිධානය නම් කර සිටි ඔහු එ් සංවිධානයට සිටි වටිනාම හා දක්ෂ සටන් මෙහෙයවන්නෙකු විය. ඒ නිසාම යුද හමුදාවට බරපතල හිසරදයක් වූ ත්‍රස්තවාදී නායකයෙකි. උතුරේ සටන් බිමට පස්බැමි සංකල්පය බිහිකළ කොටි නායකයා වූයේ තීපන් ය.  ඊටත් අමතරව සොර්නම්, භානු, රත්නම් මාස්ටර්, ජෙයම් යන ත්‍රස්තවාදී නායකයෝද, මුහුදු කොටි නායිකාවක සිටි විදූෂා හා දුර්ගා යන නායිකාවෝද පුදුකුඩිඉරුප්පු සටන අතනොහැර සිටියහ.
ඉරණපලෙයි ප්‍රදේශයේ සුවිසල් පොල්වත්ත ආශ්‍රිතව පිරිස් හා ප්‍රහාරක බලය යොදා දරුණු ප්‍රතිරෝධයක් දක්වමින් 58 සේනාංකයේ  පුදුකුඩිඉරුප්පු හා ඉන් නැගෙනහිර දෙසට වූ ඉදිරි ගමන වැලැක්වීමට ත්‍රස්තවාදීන් ක්‍රියා කර තිබිණ. දෙ⁣දිනක් පමණ පැවති දරුණු සටන් අතරවාරයේ ඒ වන විටත් පුදුකුඩිඉරුප්පු නගරය අත්පත් කරගෙන සිටි 53 සේනාංකයේ බලඇණි වල ඉදිරි ගමනේ වෙනසක් සිදුකෙරුණේ ත්‍රස්තවාදීන් කිසිසේත්ම නොපැතූ අයුරිනි.
      53 සේනාංකාධිපති මේජර් ජෙනරල් කමල් ගුනරත්න නිවාඩු ලබා සිටි බැවින් ඒ තනතුරේ තාවකාලිකව වැඩ බැලුවේ එවකට බ්‍රිගේඩියර් චාගි ගාල්ලගේය. දෙදෙනාම ගජබා රෙජිමේන්තු නිලධාරීහූ වූහ.  බ්‍රිගේඩියර් චාගි ගාල්ලගේ අති දක්ෂ උපක්‍රමික දැනුමෙන් යුතු වු වික්‍රමාන්විත නිලධාරියෙකි. විශේෂත්වයක් වන්නේ ඔහු කිසිදු සේනාංකයක ස්ථිර සේනාංකාධිපතිවරයකු ලෙස ක්‍රියා නොකළ අතර සටන් පෙරමුණේ සෑම සේනාංකයකටම විටින් විට අණ දෙමින් සටන් මෙහෙයවා තිබීමයි. 58 සේනාංකය ඊට පූර්වයෙහි 1 වැනි කාර්ය සේනාංකය ලෙස හැඳින්වූ අතර එහි පළමු සේනාංකාධිපතිවරයා වූයේ එවකට කර්නල් චාගි ගාල්ලගේ ය. සිලාවතුර ප්‍රදේශය මුදාගනු ලැබුවේ ඔහුගේ අණදීම යටතේ එම සේනාංකය විසිනි .
තවත් ගජබා රෙජිමේන්තු නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා සමග කතිකා කරගත් එම නව සැලසුමට අනුව බලඇණි දෙකක් පුදුකුඩිඉරුප්පු සටනට යෙදවිණ. 53 සේනාංකය යටතේ ලුතිතන් කර්නල් කල්ප සංජීව අණදුන් 5 වැනි විජයබාහු පාබල බලඇණිය යෙදවු අතර 58 සේනාංකයෙන් ලුතිතන් කර්නල් කිත්සිරි ඒකනායක අණදුන් 11 වැනි පාබල හමුදා බලඇණිය යෙදවින. ඉරණපලෙයි ප්‍රදේශයේ හමුදාවේ ඉදිරි ගමන වලකාගෙන සිිටි ත්‍රස්තවාදීන් කිසි ලෙසකින්  අපේක්ෂා නොකළ ලෙස 5 වැනි විජයබාහු බලඇණිය පුදුකුඩිඉරුප්පු නගරයෙන් උතුරු දෙසට ඉදිරියට ගියේ උන්ගේ දැඩි ප්‍රතිරෝධයක් නොමැතිවය. එහෙත් ත්‍රස්තවාදීන් ට සිදුවන්නට යන දේ උන් දැන නොසිටින්නට ඇත. කිලෝමීටර් දෙකක් පමණ ඉදිරියට යද්දි තමන් (සැන්ඩ්විච් = Sandwich) දෙපසකින් තෙරපෙන බව ත්‍රස්තවාදී නායකයින්ට දැනෙන්නට වූ බැවින් ඇතැමුන්  පලාගොස් තිබිණ.
කෙසේ වෙතත් ත්‍රස්තවාදී ප්‍රතිප්‍රහාර නොතකා 11 වැනි පාබල බලඇණියත් ත්‍රස්තවාදීන් තෙරපමින් ඉදිරියට පැමිණියහ. එම යුධෝපක්‍රමයට අනුව ඉරණපලෙයි පොල්වත්තද ඇතුලත් වන ලෙස වර්ග කිලෝමීටර් 4 කට නොඅඩු ප්‍රදේශයකට සියලු ත්‍රස්තවාදීන් (BOX) කොටු කර ගැනීමට බලඇණි දෙක සමත් වූහ. ඒ අතරවාරයේ ත්‍රස්තවාදීන් පහරදෙමින් එහි තබාගෙන සිටි 130 mm කාලතුවක්කු අවියක් පුපුරුවා විනාශ කර දැමූහ. ඒ යුද හමුදාව එය අත්පත් කරගැනීම  වලකාලීමටය. පූජාව  පැවැත්වුනේ ඉන් අනතුරුවය. කාලතුවක්කු , මෝටාර් ඇතුලු සියලු බරඅවි, කොටුකරගත් ප්‍රදේශයට හැරවින. උපරිම වෙඩි බලයක් (Maximum fire) දෙමින් ත්‍රස්තවාදීන් ට පලායාමේ මං අවුරාලමින් වැඩිම ත්‍රස්තවාදීන් සංඛ්‍යාවක් යුදබිමෙන් ඉවත් කිරීමේ සැලසුම පැය කිහිපයක් ගතවත්ම සාර්ථක වී තිබිණ. ඇතුලතට කොටු වී සැන්ඩ්විච් වෙමින් විනාශවන ත්‍රස්තවාදී නායකයින් හා සාමාජිකයන් ගලවාගැනීම සඳහා පුදුමාතලන් හා මුල්ලිවෛක්කාල් ප්‍රදේශ වලින් ත්‍රස්තවාදීන් ගේ අතිරේක කණ්ඩායම් කැඳවා (Reinforced) පිටතින් ද හමුදාවට පහර දුන් අතර ඇතුලත මරු විකල්ලෙන් දැඟලූ ත්‍රස්තවාදීන් ද හැකි උපරිම බලය යොදා හමුදා බලඇණි දෙකට පහර දුන්හ. ඉන් යුද හමුදාවටත් සැලකිය යුතු තුවාල සිදුවිය. 5 වැනි විජයබාහු පාබල බලඇණියේ කණ්ඩායම් බාර අණදෙන්නෙකු (OC) වු කපිතාන් ජයකොඩි ජීවිතක්ෂයට පත්විය. පිටතින් එල්ල කෙරෙන ත්‍රස්තවාදී ප්‍රහාර වලක්වාලීම සඳහා 6 වැනි ගජබා බලඇණිය සහ විශේෂ බලකායේ කණ්ඩායම් යොදවා තිබිණ. එම බලඇණි විසින් යුද හමුදාවට පිටුපසින් පහරදීම මැඩපවත්වා එලෙස පැමිණෙන රැලි වලට එලව එලවා පහර දුන්හ. 17 වැනිදා සිට සිට 19 දින දක්වා පැවති දරුණු සටන් වලින් මියගිය ත්‍රස්තවාදීන් සංඛ්‍යාව 500 කට වැඩිවිය. මිලිමීටර් 30 සහ 23 ප්‍රමාණ වල ගුවන්යානා නාශක අවි දෙකක් ඇතුලුව විවිධ වර්ග වල මැෂින් තුවක්කු සිය ගණනක් ,RPG අවි, පණිවුඩ හුවමාරු යන්ත්‍ර, ඇතුළු යු⁣ධෝපකරණ විශාල ප්‍රමාණයක් යුද හමුදාව විසින් එක්රැස් කරනු ලැබීය.
එම සටනේදී මියගිය විශේෂිතම ත්‍රස්තවාදී නායකයා වූයේ තීපන්ය.
කොටුවු ත්‍රස්තවාදීන් ට පහරදීම වලක්වාලීමට අාධාරක කණ්ඩායම් ලෙස පුදුමාතලන් ඇතුලු පිටත ප්‍රදේශ වලින් පැමිණි ත්‍රස්තවාදීන්ට නායකත්වය දුන් සෝරනම්( ස්වර්ණම්) ද මියගිය බව පණිවුඩ හුවමාරු මගින් තහවුරු වී තිබිණ. ඔහු ඊට පෙර ත්‍රිකුණාමලය කොටි නායකයා විය. මේ අයුරින් විදූෂා ප්‍රමුඛ කොටි නායිකාවන් හා තවත් නායකයින් රැසක් යුද බිමෙන් ඉවත් කර දැමු මේ ප්‍රහාරය විජයග්‍රහණය කරා ගිය ක්‍රියාන්විතය වේගවත් කිරීමේ හැරවුම් ලක්ෂ්‍ය (Turning point) විය.
4 سال پیش در تاریخ 1399/11/24 منتشر شده است.
568,535 بـار بازدید شده
... بیشتر