Dampata Handawe | දම් පාට හැන්දෑවේ (Lyrics) Sachin - Rakitha - Eranga

SL Lyrics
SL Lyrics
85.4 هزار بار بازدید - 3 سال پیش - Music video by Sachin -
Music video by Sachin - Rakitha - Eranga performing Dampata Handawe
(C) 2011 Maharaja Entertainments.

සොඳුරු සීතල යාමේ
ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී
හද ගැහෙන හැම වේලේ
ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සඟවා
ගන්න බෑ උණුසුම මේ
ඇස් පියන් මත දැවටී
යන්න එපා ඔබ වෙන්වී
ඔබ සුවඳ මා දිවියේ
හුස්ම සේ ඇත ළං වී
සොඳුරු සීතල යාමේ
ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී
අම්බරේ රං ඉර සේ
මගෙ ලොවේ පෑයූවේ
මල් සුවඳ පරදවනා
සුවඳ ඔබමයි මාගේ
තරු රෑන සේ දිලෙනා
ඔබෙ නෙතේ ආලෝකේ
ඔබයි මගේ සඳ කිඳුරී
දිවිය ඇති තෙක් මාගේ
දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී
සොඳුරු සීතල යාමේ
ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාසේ
නෙතුවිලේ පායාලා
ඉන්න රන් තරුව සේ
සිත් හැගුම් පුබුදාලා
ළං වෙමුද මේ යාමේ
දේදුන්න වෙත පියඹා
පාට තවරා සිහිනේ
ඔබ මගේ මා ඔබගේ
ලියමු අපි අම්බරයේ

🚫If a track infringes your copyrights, please email us at [email protected] There is no need to strike us as we can sort out the issue quickly.🚫

මෙම ගීත සහ ඒවායේ පද රචනා, තනු නිර්මාණයන් සඳහා අප කිසිදු හිමිකාරිත්වයක් හෝ අයිතිවාසිකමක් රඳවා නොගනිමු. අප මෙම නාලිකාව සහ ධාවන ලැයිස්තුව නිර්මාණය කළේ මුල් කලාකරුවන්ට සහ නව අනුවාදයේ කලාකරුවන්ට උපහාරයක් ලෙසය. මක්නිසාද මෙම ගීතවලට අප බෙහෙවින් ආදරය කරන නිසාවෙන්ද ඔබටත් එකම ස්ථානයකින් ඔබ ආදරය කරන කලාකරුවාගේ හෝ කලාකාරිණියගේ ගීත රසවිදීමට අවස්ථාවක් උදා කර දීම පිණිසයි.

මේ වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ YouTube Channel එක Subscribe කරන්න.ඒ වගේම හැමෝටම බලන්න Share කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ.
3 سال پیش در تاریخ 1400/03/20 منتشر شده است.
85,423 بـار بازدید شده
... بیشتر