Eka Etha Dawasaka-එක ඈත දවසක Suneera Sumanga #suneera#Derana Dream Star

Lasantha Ariyarathna
Lasantha Ariyarathna
36 هزار بار بازدید - پارسال - Lyrics- Lasantha AriyarathnaMusic- Nawarathna GamageVocals-
Lyrics- Lasantha Ariyarathna
Music- Nawarathna Gamage
Vocals- Suneera Sumanga
Mixed & Mastered- Sandaru Gamage ( Sage Studio)

එක ඈත දවසක
උයන් කෙළවර
පිපුණු මල් ගොමුවේ...
මලක සුසිනිදු
පෙති අතේ රැදුණා...
මේ මෑත දවසක
එමල් ගොමුව ම
මල් වරා උන්නා
නුඹ ළග නොමැති හින්දා

එක ඈත දවසක
සයුරු වෙරලක
සෙවණ විද වැටකේ...
ළවැලි සියුමැලි
රටා බිම ඇන්දා
මේ මෑත දවසක
සයුර දළ රළ
පහර දී ඇදුණා
නුඹ ළග  නොමැති හින්දා

එක ඈත දවසක
නීල විල්තෙර
රැදුණු රත් නෙලුමේ....
සිහින් මුවරද
නිය තුඩින් මිදුණා
මේ මෑත දවසක
ඉරිතැලී බිම
නීල විල සිදුණා
නුඹ ළග නොමැති හින්දා
پارسال در تاریخ 1402/03/27 منتشر شده است.
36,099 بـار بازدید شده
... بیشتر