යුද හමුදාවට හිසරදයක් වු 23mm හා 30mm අවි. [PEDAL GUNS]

Amal Samantha
Amal Samantha
250 هزار بار بازدید - 4 سال پیش - 🇱🇰💥 රැකියාවක බිහිසුණු මතක 30...🔴
🇱🇰💥 රැකියාවක බිහිසුණු මතක 30...

🔴 හමුදාවට හිසරදයක් වූ ත්‍රස්තයන්ගේ 23mm හා 30mm Canon අවි.
************************************
පොදුවේ ගත් කල මිලිමීටර් 23 සහ 30 ප්‍රහාරක අවි යනු ගුවන් යානා නාශක අවි විශේෂයකි. බොහෝ විට මෙවැනි අවි සවි කෙරෙන්නේ ගුවන් හමුදා කඳවුරු, ගුවන් ආරක්ෂක පද්ධති (Air Defence systems) තුළය. තවද යුද නෞකා, නාවික යාත්‍රා, සන්නාහ සන්නද්ධ රථද මේ අවි වලින් සන්නද්ධය.
       එහෙත් කොටි ත්‍රස්තවාදීන් මෙවැනි අවි සවිකර තිබුණේ උන්ගේ මුහුදු කොටි යාත්‍රා වලය. යුද්ධයේ අවසන් භාගයේදී යාත්‍රා එකින් එක විනාශ වෙද්දී එම අවි ගලවා විවිධ වාහනවල හා ක්ෂණිකව ඉවත් කරගත හැකි ලෙස ස්ථානගත කිරීමට ත්‍රස්තවාදීහූ ක්‍රියා කළහ. 23 mm සහ 30 mm යනු අවියේ බැරලයේ (Caliber) විෂ්කම්භයයි. කවුරුත් හඳුනන T 56 අවියේ Caliber එක වන්නේ  මිලි මීටර් 7.62 කි. ඒ අනුව 23 හෝ 30 mm අවියකින් එල්ල වන ප්‍රහාරයක ප්‍රබලත්වය හා බියකරු බව කෙතරම්දැයි ඔබට සිතාගත හැකි වනු ඇත. අවසන් සටනේදී යුද හමුදාව හා නාවික හමුදාව මෙවැනි ප්‍රබල අවි වලින් ප්‍රහාරයට හා පීඩාවට ලක් වු අවස්ථා ඕනෑතරම් තිබූ අතර මා හා කැමරා ශිල්පී සුගත්ද අවස්ථා දෙක තුනකදී ත්‍රස්තවාදීන්ගේ මේ අවිවලින් ගුටි කා බඩ ගෑවෝය. එවැනි භීතිය දනවන අත්දැකීමක් 25 වැනි බිහිසුණු මතක සටහනේ වීඩියෝ link එකේ  එක් ක⁣⁣ර ඇත.
            මෙහි ඇති මි.මී 30 අවියට යොදන පතුරම දිගින් රියනකට ආසන්නය. ඇතැම් විට එය ඇත්තෙන්ම පතුරමක් නොව බෝම්බයකි. එයින් වෙඩි තබන එක්තරා පතුරම් විශේෂයක් Air Burst හෙවත් ගුවනේදී පුපුරා යන ආකාරයෙන් ක්‍රියාත්මක වේ. ඒ උණ්ඩය නියමිත දුර ගමන් කිරීමෙන් පසු හෝ යම් පෘෂ්ඨයක ගැටීමෙනි. එය අතිශය බියකරු හා හානිකරය. අත් බෝම්බ පිපිරීමකට සමානය.
2009 ක්‍රියාන්විත සමයේ මේ අවිවලට පැඩල් ගන් යන පහසු නාමය යුද හමුදාව සුලභව භාවිත කළේය. ඊට හේතු වන්නේ අවිය සහිත යාන්ත්‍රික පද්ධතිය මත ඇති අසුනක හිඳගෙන වෙඩි තැබිය හැකි වීමය. වෙඩි තැබීම සිදුකරන්නේ පාදයෙන් ක්‍රියාත්මක කරන පැඩලයක් මගිනි. "පැඩල් ගන්" ලෙස ඊට නම පටබැඳී ඇත්තේ එනිසාය. තවද මෙම අවි අංශක 360 ක කෝණයකට කරකවමින් වෙඩි තැබීමට හැකිවීමද විශේෂත්වයකි. එය අතින් ක්‍රියාකරවිය හැකිය. අවියේ ආනතිය හා කෝණය සකසමින් වෙඩි ප්‍රහාරය තනි අවිකරුවකු විසින් සිදුකරනු ලබයි.
23 mm අවි බැරල් දෙකින් යුතු වන අතර එකවර උණ්ඩ දෙකක් මුදාහැරේ. අවිය දිගින් අඩි 10 කට ආසන්නය. ට්‍රක් රථයක සවා කොට ඇදගෙන යාහැකි රෝද දෙකකින්ද සමන්විතව නිෂ්පාදනය වන මෙවැනි අවියක් බරින් ටොන් එකකට ආසන්නය. ප්‍රතිඵලදායක වෙඩි තැබිය හැකි දු කිලෝමීටර් 2.5 ක් පමණ වේ.
30 mm අවියෙන් කිලෝමීටර් 3 ඉක්මවන දුරකට වෙඩි තැබිය හැකිය. මෙම අවි දෙකම පුද්ගලයන් ඉලක්ක නොකරන අතර සතුරු පාර්ශ්වයේ ගුවන් යානා නාවික යාත්‍රා, නෞකා හා සන්නාහ සන්නද්ධ රථවලට හානි හෝ සිදුරු හෝ කළ හැකි බලයක් මේවා සතුය. 1960 දශකයේ සිට අද දක්වාම මෙම අවි නවීනත්වයට පත්වෙමින් නිෂ්පාදනය වේ.

💥 Amal Samantha .
4 سال پیش در تاریخ 1399/10/24 منتشر شده است.
250,095 بـار بازدید شده
... بیشتر