Hanthana Desin Ena | හන්තාන දෙසින් එන | Karunarathna Divulgane | With Sinhala Lyrics

752 بار بازدید - 5 ماه پیش - හන්තාන දෙසින් එනමුදු සීත සුළන්
හන්තාන දෙසින් එන
මුදු සීත සුළන් රැළි
ඔබ තාම හොඳින් හඳුනනවා නම්
මේ පාන ඔබේ සුරතින් දැල්වූ
මං බෝම ප්‍රවේසම් කර ගන්නම්...

හන්තාන දෙසින් එන
මුදු සීත සුළන් රැළි
ඔබ තාම හොඳින් හඳුනනවා නම්
මේ පාන ඔබේ සුරතින් දැල්වූ

මං බෝම ප්‍රවේසම් කර ගන්නම්...

සංසාර පුරුද්දටදෝ මන්දා
ගංඟාව සෝකයෙන් වැලපෙනවා
සංසාර පුරුද්දටදෝ මන්දා
ගංඟාව සෝකයෙන් වැලපෙනවා
මං තාම මහාවැලි ගං ඉවුරේ
වැලි පාර දිගේ හවසට යනවා...


හන්තාන දෙසින් එන
මුදු සීත සුළන් රැළි
ඔබ තාම හොඳින් හඳුනනවා නම්
මේ පාන ඔබේ සුරතින් දැල්වූ

මං බෝම ප්‍රවේසම් කර ගන්නම්...

තනිවී අද මා මේ වැව රවුමේ
දළදා පෙරහැර සිරි නරඹනවා
තනිවී අද මා මේ වැව රවුමේ
දළදා පෙරහැර සිරි නරඹනවා
මහ සෙනග අතර ඔබ කොතැනක හෝ
එහි හිඳිනු ඇතැයි නිකමට‍ හිතිලා...


හන්තාන දෙසින් එන
මුදු සීත සුළන් රැළි
ඔබ තාම හොඳින් හඳුනනවා නම්
මේ පාන ඔබේ සුරතින් දැල්වූ
මං බෝම ප්‍රවේසම් කර ගන්නම්...
5 ماه پیش در تاریخ 1402/12/22 منتشر شده است.
752 بـار بازدید شده
... بیشتر