Nihada gamane(Lyrics) - Bachi Susan & Shanika Madumali

Sandes & Music
Sandes & Music
305.7 هزار بار بازدید - 11 ماه پیش - Subscribed to sandes & Musicකරමු
Subscribed to sandes & Music
කරමු නේ!❤
🚫මෙම ගීතවල අයිතිය එම ගීත ගායනය කරන ගායකයන් ගීත රචකයන් හා සංගීත නිර්මාණකරුවන් සතු වන අතර මෙහි අඩංගු සියලුම ගීත ශ්‍රවණයට පමණක් බව සලකන්න.

නිහඬ ගමනේ මේතරම් දුර
ඇවිද අපි එකවාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ

බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ
බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ

හ හ හ හා - හ හ හ හා
හ හ හ හා - හා හා
හො හො හො හෝ - හො හො හො හෝ
හො හො හො හෝ

ප්රාර්ථනා තවරා ආදරේ
ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනැහෙනා කල්පනා
ඔබ නිසයි ජීවිතේ

ඇඟිලි තුඩු තදකර මගෙ නළලේ
සිඹින සියුමැලි නුඹේ දෙතොල් අතරේ
ගැඹුරු හද කැලඹුම ඔය කඳුලේ
රහස නොහැඟේ මගෙම ළඳුනේ

දෑත් විදා ළමැදේ ආදරේ
දෙන්න විඳගන්න රිසිසේ
නිමනොවේ කිසිදිනේ
පෙම්පැතුම් මා හදේ

ලබන හැම ආත්මයම ඔබගේ
ළඟම ඉන්නයි මම නම් පැතුවේ
පණට පණ දී මා දිවිකතරේ
නොයමි රහසේ රකිමි පණසේ

නිහඬ ගමනේ මේතරම් දුර
ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරිසරා නුඹ
නවාතැන් ගෙන දෑසේ

බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ
බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ
11 ماه پیش در تاریخ 1402/06/03 منتشر شده است.
305,728 بـار بازدید شده
... بیشتر