HANTHANATA PAYANA SANDA Amarasiri Pieris හන්තානට පායන හඳ

eranga snow
eranga snow
1.6 میلیون بار بازدید - 13 سال پیش - කෑගල්ල පෑත්තෙ ඉස්කොලෙක හිටිය ගෑනු
කෑගල්ල පෑත්තෙ ඉස්කොලෙක හිටිය ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි.
දෙන්නා අවුරුදු ගානක ඉදන් ආදරේ කරනවා.දෙන්නම කලේ කලා විෂයන්.
සිංහල ටියුෂන් class යන්න ඕන නිසා දෙන්නම ගියා නුවර class එකකට. කොල්ලා හදවතින්ම කෙල්ලට ආදරේ කලා. class ගියත් කලේ කෙල්ල දිහා බලන් ඉන්න එක.
දවසක් සිංහල සර් දැක්කා interval එක වෙලාවෙ මේ දෙන්නා එක බත් මුල කනවා. සර් මේක ගනන් ගත්තෙ නෑ.
දවස් ගනන් ගෙවිලා ගියා. විභාගෙ තියෙන දවසත් ලං වුනා. දෙන්නම විභාගෙ හොදට පුලුවන් උපරිමෙන්ම ලිව්වා.

කොහොම කොහොම හරි Results එන දවසත් ලං උනා.
කෙල්ලට A3. ඒ උනාට කොල්ලගෙ result ටිකක් අවුල්.

කාලය හෙමින් ගෙවිලා ගිහින් අවුරුදු දෙකකට විතර පස්සෙ දවසක් සිංහල සර් පාරේ යනකොට කොල්ලෙක් දුවගෙන ඈවිත් "සර්" කියල කතා කලා.
ඒ වෙලාවෙ සර්ට මතක් උනා මේ අර කෙල්ලත් එක්ක එකට බත් මුල කාපු කොල්ල නේද කියල. සර් විහිලුවට වගේ ඈහුව " කෝ අර ඔහෙත් එක්ක බත් කවපු ගෑනු ලමය ? " කියල.
කොල්ලගෙ මුන ටිකක් වෙනස් උනා.

”සර් මං ඒ සම්බන්දෙ නතර කලා..”කියල කොල්ල කිව්වා.

සර් ඈහුව " ඈයි පුතේ එහෙම උනේ" කියලා.
කොල්ල කිව්වේ මෙහෙම.

”එයා A/L හොදට පාස් වෙලා පේරාදෙනිය campus ගියා සර්. මට යන්න බැරි උනා.
එයාගෙ ලොකේ ගොඩක් වෙනස්නෙ සර්. මං ආයිත් ඔතනට කඩන් පෑන්නොත් එයාට ගොඩක් දේවල් නැති වෙනවා. එහෙ ගොඩක් ලස්සනයි. මං ආයිත් එයගෙ ජීවිතේට ඇවිල්ල එහේ සතුට නැති කරන්න මට හිත දෙන්නෙ නෑ. දැන් එයා එහෙ හොදින් ඉන්නව ඈති සර්….”.

මේ සිද්ධියෙන් පස්සෙ සර්ට මේක හිතට වැදුනා. කොලේකුයි පෑනකුයි අතට ගත්ත සර් මේ විදියට ලියන්න පටන් ගත්තා.

“හන්තානට පායන හද.
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හද.
ඔබට හෑකිය දකින්න”.

“ඇදුරු ලලා වහිනා කල.
සරසවි බිම තෙමෙන්න.
කුඩේ යටින් ඔබ යනකල.
එපා තනිය දෑනෙන්න”.

“ලතා මඩලු අත වනාවි.
එපා අහක බලන්න.
මා ගෑන මතකය ගුලි කර.
මහවැලියට දමන්න”
හන්තානට පායන හද ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න...... //
13 سال پیش در تاریخ 1390/05/08 منتشر شده است.
1,694,399 بـار بازدید شده
... بیشتر