රෑ පැල් රකින | Re Pel Rakina - Abeywardhana Balasooriya, Niranjala Sarojini

167.1 هزار بار بازدید - 4 سال پیش - රෑ පැල් රකින කුරහන් පැහෙනා
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා වාගෙයි ගම්මානේ

එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
ඇල කණ්ඩියේ ඉඳගෙන අත වැනුවාට
මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
නාඩන් මස්සිනේ පෙර පිං නැතුවාට

හැදුවේ ගෙපැල මට තනියෙන් ඉඳින්න ද
බාලේ ඉඳන් බැඳි ආලේ බිඳින්න ද
රෑ තුන් යමේ මේ හැටි දුක් දෙවන්න ද
හීනෙන් මිසක හැබැහින් එක් නොවන්නද

නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි
පත්තිනි ගම්භාර දෙවියන් රකින්නයි
කුරහන් කපන දා මා සිහි කරන්නයි

රෑ පැල් රකින.....

ගායනය - අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජිනී
ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක

අබේ - නිරංජලා විශිෂ්ට ගී එකතුව

#balasooriya #balasuriya #niranjala #niranjalasarojini #sarojini #70s #repelrakina
4 سال پیش در تاریخ 1399/01/02 منتشر شده است.
167,191 بـار بازدید شده
... بیشتر