දරුවන්ට පමණක් නොව ප්‍රතිපත්ති සම්පාදනය කරන අයට පවා හොඳ අධ්‍යාපනයක් ලබා.. 🖥️2️⃣8️⃣0️⃣

Sajith Premadasa
Sajith Premadasa
829 بار بازدید - هفته قبل - දරුවන්ට පමණක් නොව ප්‍රතිපත්ති සම්පාදනය
දරුවන්ට පමණක් නොව ප්‍රතිපත්ති සම්පාදනය කරන අයට පවා හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතු යි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

අධ්‍යාපනය යනු මුළු රටම ගොඩගත හැකි උපාංගයක් බවත් එය ජාතිවාදය ජාතිභේදය, ආගම්වාදය ආගම්භේදය නැති කරන්න උපකාරි වන බවත් ප්‍රතිපත්ති සම්පාදකයන්ට හොඳ අධ්‍යාපනයක් තිබුණා නම් සාක්ෂි කේන්ද්‍රීය ප්‍රතිපත්ති නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කොරෝනා කෝවිඩ් සමයේ ආදාහනය ද භූමදානය ද යන ගැටලුවේ දී බරපතල ගැටලු රාශියක් ඇති වූ බවත් රටක් ලෙස ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සාක්ෂි පදනම්ව, විද්‍යාත්මක අධ්‍යයන මත පදනම්ව සහ දත්ත කේන්ද්‍රීයව සිදු වන්නේ නම් කවදාවත් එවැනි ගැටලු ඇති නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වෙනදට මන්දපෝෂණය, මාතෘපෝෂණය, ළමා පෝෂණය ගැන කතා කරද්දි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්, යුනිසෙෆ් එකෙන් උපදෙස් ගත්තත් භූමදානය ආදාහනය ගැටලුවේ දී මේ කිසිදු ආයතනයක් පැවසූ දේවල් නොඅසා ජාතිවාදී අදහස් මුදුන් පත් කර ගෙන එක් ජන කොට්ඨාසයක් ඉලක්ක කර ගෙන පහර දුන් බවත් අප රටක් ලෙස අධ්‍යාපනය දියුණු කර ඇත්නම් දියුනු අධ්‍යාපනය තුළ විද්‍යාව මත සාක්ෂි මත දැනුම කේන්ද්‍රීයව ප්‍රතිපත්ති සකස් කර ක්‍රමයක් තිබුණා නම් මෙවැනි ගැටලුවක් ඇති නොවන බවත් ලෝකයේ කිසිම රටක් ආදාහනය හා භූමදානය ගැටලුව ඇති නොවුවත් අප රටේ ඇති වූ බවත් එම නිසා ප්‍රතිපත්ති සම්පාදනය කරන අයට පවා හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජූලි 03) මඩකලපුව කල්කුඩා වාලච්චේන අන්නූර් ජාතික පාසලට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 280 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ පුස්තකාලය සඳහා ඉංග්‍රීසි පොත්පත් ලබා ගැනීම සඳහා පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.

මේ අවස්ථාව සඳහා සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලී මහතා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු ආණ්ඩුකාර ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ද එක්විය.

අපි රටක් ලෙස අභියෝග රැසකට මුහුණ දෙන බවත් අභියෝග එල්ල වන විට එම අභියෝග ඉදිරියේ නොසැලී එයට මුහුණ දිය යුතු බවත් මේ අභියෝගවලින් ගොඩ ආ හැකි හොඳම ක්‍රමවේදය වන්නේ දැනුම කේන්ද්‍රිය ආර්ථිකය බැවින් ඒ සඳහා පාසල් පද්ධතිය ශක්තිමත් කළ යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.

2023 වන විට ලොව දිනපු තාක්ෂණයන්වත් අප රටේ අධ්‍යාපන විෂය නිර්දේශය තුළ ඇතුළත් වී නැත්නම් අප රටේ දරුවන්ගේ අනාගතය ගැන සිතාගත හැකි බවත් එම නිසා සුහුරු රටක් ගොඩනගන්න නම් සුහුරු සිසුවකු බිහි කළ යුතු බවත් ඒ සඳහා සුහුරු පාසලක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට ගොඩනැගිය හැක්කේ දැනුමින් හා එකමුතුකමින් පමණයි

මේ රට ගොඩ එන්නේ එකමුතුකමින් පමණක් බවත් ජාතින් මත ආගම් මත පදනම් එකිනෙකා තමන්ගේ සහෝදර ජනතාවට පහර එල්ල කරමින් සමාජය තුළ විවිධ ආගම්වලට සංස්කෘතීන්වලට ඉඩක් ලබා දෙන්නේ නැත්නම් අසමගිය නිර්මාණය වන බවත් අරගලය සමයේ සියලු ජාතීන් ආගම් එකට එකතු වූ බවත් බෞද්ධ, සිංහල, මුස්ලිම්, ඉස්ලාම්, දමිළ, හින්දු, ක්‍රිස්තියානි කියා භේදයකින් තොරව එකට එකතු වූ බවත් ඒ ආකාරයට රට ගොඩනගන්න පවා එකට එකතු විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කිසිදු තැනක මොනම ආගමකවත් ජාතියකවත් ආගම්වාදයක් ජාතිවාදයක් ඇති නොවීමට බලා ගත යුතු බවත් ආගම්වාදය හා ජාතිවාදය යනු මහා විෂ සහිත ජාතික පිළිකාවක් බවත් ඒ පිළිකාව තුරන් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැනුම තිබ්බොත් ඇත්ත සහ බොරුව හඳුනා ගත හැකියි

එසේම දැනුම නිසා කවුරුන් හෝ බොරු කියනවා නම් ඒ බොරුව හඳුනා ගත හැකි බවත් සත්‍ය අනාවරණය කර බොරුව පෙන්වා දෙන්නට පවා දැනුම වැදගත් බවත් ණය ප්‍රතිව්‍යූහගත කරා කියා බොරු කියමින් රජය මේ දිනවල කටයුතු කරන බවත් අයිඑම්එෆ් එක කියන ආකාරයට ද්විපාර්ශ්වීය ණය ගෙවීම 2033 කරන්න කිව්වත් අපේ මෝඩ පාලකයෝ 2028 සිට එය කරන්න පොරොන්දු වි ඇති බවත් මෙහි පාඩුව සිදු වන්නේ රටට සහ ජනතාවට බවත් මීට වඩා හොඳ ගිවිසුමකට යාමට තිබූ බවත් ඝානාව, ඉක්වදෝරය හා ආජන්ටිනාවල මුදල් ඇමතිවරයා පෞද්ගලිකව ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීම නිසා විශාල ණය සහන ලැබුණු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

දරුවන් මෙන්ම දෙමාපියන් ද දැනුවත් විය යුතුයි

මේ කරුණු ගැන සමාජය, පාසල් දරුවන් දැනුවත් කිරීම අතිශය වැදගත් බවත් සමාජයේ ජනතාව ආර්ථිකය ගැන අවබෝධයක් ලබා ගත යුතු බවත් දරුවන් පමණක් නොව දෙමාපියන් ද සමාජය ද දැනුවත් විය යුතු බවත් දැනුම ඇති විට ප්‍රතිපත්ති සම්පාදකයන්ට බොරු කියන්න නොහැකි බවත් බොරුව වංචාව මංමුලා කිරිම ඇන්දවීම රැවැට්ටවීම නොහැකි බවත් දැනුම අතිශය වැදගත් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ දැනුම මානව ප්‍රාග්ධනයක් නිර්මාණය කරන බවත් බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීමට නම් දැනුම සහිත දැවැන්ත මානව ප්‍රාග්ධනයක් අවශය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 61කට රුපියල් ලක්ෂ 1837ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 280 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3062ක් වැය කර තිබේ.
هفته قبل در تاریخ 1403/04/14 منتشر شده است.
829 بـار بازدید شده
... بیشتر