waduge sanniya hadunu mawage kathawa දුරකථන ඇමතුමක් නිසා වැදුගේ සන්නියෙන් දුක් විඳින අසරණ පවුල

Kanchana Ariyadasa
Kanchana Ariyadasa
12.8 هزار بار بازدید - 2 ماه پیش - ( කාංචන කුමාර ආරියදාස 0773416157
( කාංචන කුමාර ආරියදාස 0773416157 imo 0706416157) 2024.07.20 වැරදුනු දුරකථන ඇමතුමක් නිසා වැදුගේ සන්නියෙන් දුක් විඳින අසරණ පවුල රෙදි සියල්ල අම්මා ගිනි දමා පුළුස්සලා දැමීම හේතුවෙන් ඇඳිවත පමණක් ඉතිරි වෙලා දියණියන් දෙදෙනාගේ පාසල් ගමන ද නැවතිලා ඇසළ පොහෝ දිනයේ ඇසුණු අමිහිරි කතාවක්, වැදූගේ වැදුගේ සන්නිය නමැති මවරුන්ට දරු ප්‍රසුතියකදී වැළඳෙන ව්‍යාධි මානසික රෝගයක් නිසාවෙන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින දියණියන් දෙදෙනෙකු කිරිඅම්මා කෙනෙකු සහ දෙදරු මවක පිළිබඳව පුවතක් ගලේවෙල දැඹව ප්‍රදේශයෙන් අපට වාර්තා විය. ආර්.එම් . ශිරාණි සේනානායක තිස්පස් හැවිරිදි දෙදරු මවක් මෙම දරුණු රෝගී තත්ත්වයට පත්ව සිටින්නීය . විවාහ වී සිටි යුද හමුදාවේ සෙබළකු බව ඇය කියයි, දෙවන දියණිය ඉපදී වසර එකහමාරක් ගතවෙද්දී සැමියා දරුවන් සහ තමන් අතහැර දමා ගිය බව ඇය කියයි. පළමු දරු ප්‍රසූතියේ දී මෙම මව දරුණු ලෙස රෝගී තත්වයට ලක්ව ඇත්තේ වැදුගේ සන්නිය නමැති රෝගය වැළඳීමෙන් බව ඇයගේ මව ආර් .එම් .ටී. චන්ද්‍රලතා මහත්මිය පැවසුවාය. පසුව දරුවන්ගේ පියා දෙවැනි දරුවෙකු ද ඇයට දායාද කොට අසනීප තත්ත්වය වැඩි වීමත් සමග ඔවුන් සියලු දෙනා දමා පිටව ගොස් තිබේ . මේ වන විට ඔහු හමුදා වේ විශ්‍රාම ගෙන ඇති බවද පවුලේ පිරිස කියයි. නිතර නිතර අසනීප වන ශිරාණි සේනානායක මාතලේ මහ රෝහලින් ප්‍රතිකාර ලබන්නීය , නිවසේ ක්‍රියාකාරකම් අන් අයට වඩා වෙනස් ආකාරයෙන් හැසිරෙන බවත් මේ වන විට දරුවන්ගේ සහ ඇයගේ සියලු ඇඳුම් පුළුස්සා දමා දරුවන්ට පාසල් ගමන ද සම්පූර්ණයෙන්ම නැවතී ඇඳිවත පමණක් ඉතිරි වී ඇතැයි පවුලේ පිරිස කියයි. දිනකට එක වේලක් සරිකර ගන්නේ ගමේ ඇති කොස් දෙල් තම්බා ආහාරයට ගැනීම සිදුවන බවත් අප මෙම නිවසට යන අවස්ථාවේදීද කොස් ගෙඩියක් තම්බා කුඩා දියණියන්ට ආහාර සඳහා සූදානම් කර තිබුණු අයුරු දැක ගැනීමට අපටද හැකි විය. දහවෙනි වසරේ ඉගෙනුම ලබන වැඩිමහල් දියණිය අයෝමි රසංගිකා 4 වැනි වසරේ අධ්‍යාපනය ලබන අයේශා ගයානි දියණියන් හැඬු කඳුළින් තම මව සුවකර දෙන ලෙසත් තමන්ට පාසල් ගමන නැවත ආරම්භ කිරීම සඳහා උදව් කරන ලෙසද ඉල්ලා සිටින්නීය. මෙම දරුවන්ගේ පියා විශ්‍රාම වැටුපක් යුද හමුදාවෙන් ලබන බවත් අඩුම තරමේ එම වැටුපෙන් අඩක් දරුවන්ට ලබා ගැනීම සඳහා නීති ක්‍රියාත්මක කර දෙන්නයි එම මිත්තණිය යුද හමුදාපතිතුමාගෙන් ඉල්ලීමක්ද කර සිටින්නීය කවුරුන් හෝ මෙම දරුවන්ට උදව් උපකාර කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් ඔවුන්ගේ ලිපිනය ආර් .එම් .ටි . චන්ද්‍රලතා නොම්බර 249 / 5 දැඹව , මාදිපොළ ,ගලේවෙල දුරකථන අංකය 071 29 16 346 ලංකා බැංකුවේ ගලේවෙල ශාඛාවේ ඇයගේ නමින් ඇති ගිණුම් අංකය 75818502
2 ماه پیش در تاریخ 1403/04/29 منتشر شده است.
12,862 بـار بازدید شده
... بیشتر