නිල්දිය පොකුණ - Nildiya Pokuna | රාවණ උමඟ - Ravana's cave | පොළොව යටට ගිය බිහිසුණු ගමනක් | VLOG 012

188.9 هزار بار بازدید - 4 سال پیش - රාවණා රජුගේ නිල් දිය පොකුණ
රාවණා රජුගේ නිල් දිය පොකුණ සහ රාවනා උමග සොයා ගිය ගමන | Adventure travel to Sri Lanka underwater cave Nil Diya Pokuna in king Rawana's underground kingdom.

🧭Timestamps
◼️ 00:00 - යන්නෙ කොහෙද?
◼️ 01:08 - තැනට යන පාර...
◼️ 06:46 - වාහනේ ගමන ඉවරයි, මෙතන ඉදල කැලේ!
◼️ 09:17 - ගුහාවට බහින්නෙ මෙතනින්...
◼️ 23:02 - නිල්දිය පොකුණ මෙන්න!
◼️ 30:43 - බොරු කතා වලට රැවටිලා බයට නෑවිත් ඉන්නෙපා.
◼️ 36:01 - ගුහාව ඇතුලෙ මහා විශාල කාමරයක්!
◼️ 41:25 - අපේ මතය මේ! ගිහිල්ලම බලන්න ඔයත්...

Nildiya Pokuna Location: https://goo.gl/maps/1gBwDtuMkT7rkrWx5

ලංකාව පුරා කොච්චර ඇවිදලා තිබ්බත් මගේ ජීවිතේටම පියවි ඇසෙන් දැක්ක ලංකාවෙ පිරිසුදුම ස්වභාවික ජල මූලාශ්‍රය මේක කියන්න පුලුවන්, ආලෝකයක් කෙලින් වතුරට යොමු කරාම (ලයිට් හෝ ෆ්ලෑෂරෙකක්) නිල් පාට පරාවර්තනයක් දෙන ඩිරෙක්ට්ම නැතුව පැත්තට ලයිට් එකක් දීල බැලුවම හොදට මැදපු වීදුරු කෑල්ලක් තරම් විනිවිද පේන තැනක් මමනම් මෙතුවක් කාලෙකට වෙන කොහෙවත් දැකල හෝ අහල නෑ... ගියපු ගමන් අපි අත තියන්න කලින් නිසලව තිබ්බ ජලයනම් ලගට යනකම්ම මෙතනින් තමා වතුර මට්ටම පටන්ගන්නෙ කියල ඇසට හොයාගන්න බැරි තරමටම පිරිසුදුයි කිව්වොත් විශ්වාස කරනවද? එහෙම දෙයක් මමනම් කවදාවත් දකීවි කියල හිතුවෙත් නෑ...

කැලේ මැද්දෙ තියෙන වලක් අස්සට බැහැල පොළොව ඇතුලට යන කිලෝමීටරයකට ආසන්න මාරම විදියෙ වෙහෙසකර ගමනකට පස්සෙ මහා විශාල රංගශාලා නැත්නම් ශ්‍රවනාගාර වගේ සුවිසල් කාමර, පොකුණක්, කාමර? ඒකනම් මාරම අභිරහසක්. කොච්චර මෙහෙම කිව්වත්, ෆොටෝ දැක්කත්, කියෙව්වත්, වීඩියෝ බැලුවත් ඒක දැනෙන්නම් එතනට යන්නම ඕනෙ. පොකුණක් කිව්වම හිතෙන්නෙ පොඩි රවුමක්නෙ? එහෙම නෙවෙයි මේ කොණ ඉදන් අපිට අභිරහසක් වෙන අනික් අයිනට ගලක් ගහන්න බෑ කිව්වොත් හිතාගන්න ඒකෙ විශ්කම්භය, කොච්චර පරණ උනත් එකන එක දියසෙවලයක් නෑ කිව්වොත් හිතාගන්න ඒ පිරිසිදුකම ජලයෙ. මම වචනෙන් කියන්නෙ එච්චරයි. ඒ අත්දැකීම මට පුලුවන් විදියට මම ගමන වීඩියෝ එකකට ගත්ත.

ඒ වගේම කියන්නෙ, අවුරුදු 5000හකට වඩා වැඩි ඉතිහාසයක් පාරිශුද්ධව තිබුණු ස්ථානයක්. උඹලත් පලයන් ගිහින් අනිවාරෙන් විනාස කරපං එතනත් හැමතැනක්ම වගේ කියල හෙම නෙමේ මේ කීවෙ. ඒත් යන්න හුගක් ආසාවෙන් ඉන්න ඒත් අවස්තාවක් නැතිව ඉන්න ගොඩක් අය ඉන්නවා කියල මම දන්නවා. ඒ අයට අපි ගත්ත experience එක පුලුවන් තරමින් දෙන්න අපිට තිබුණ උපකරණ වලින් උපරිම උත්සාහයක් අපි දුන්න, ගමන ගැන හැම විස්තරයක්ම ඉතින් මේ වීඩියෝ එකේ ඇති. කැමති අය බලන්න. මොනා හරි තියෙනවනම් අහන්න. ✌️ අනිවා උදව් කරනවා.

අන්තිමේ කියන්නෙ, ආසාව තිබ්බටම වැඩක් නෑ, හිතේ හයිය නැත්නම් මේ ගමන යන්න බෑ. හිත විතරක් මදි ගතත් ඕනෙ. ඒ වගේම දුකෙන් උනත් කියන්න ඕනෙ අවාසනාවට හෝ කොච්චර ආස උනත් හිත, ගත හයිය උනත්, සාමාන්‍යයෙන් මගේ ප්‍රමාණයට වඩා මහත කෙනෙක්ටනම් යන්න අමාරුයි ගමන ඉතින්, හිරවෙන තැන් සහ ලිස්සන අගල් එහෙම තියෙනවා 😕 මේ මොනා හරි ගියත් වැඩක් නෑ අපි සාමාන්‍යයෙන් කියන tight space phobia එහෙම නැත්නම් හරි නම claustrophobia තියෙන අයනම් මේ ගමන යන්න හිතන්නවත් එපා. සමහරු තමන්ට ඒක තියෙනවද කියලවත් දන් නැතුව ඇති. Google කරල බලන්න (කෙටියෙන් කිව්වොත් සාමාන්‍යයෙන් ඔය පොඩි ඉඩකදි හිරවෙයි, හුස්ම ගන්න බැරිවෙයි වගේ හැගීම් එන අය) එහෙම කෙනෙක් ටීම් එකේ ගියොත් මගදි අනෙක් අයත් අමාරුවේනෙ ඉතින්.

ඔය ටික තමා මට කියන්න තියෙන්නෙ, හැමදේම text එකෙන් කියල වැඩක් නෑ වීඩියෝ එකේ හොද අදහසක් තියෙනවා කියල හිතෙන නිසා, එහෙනම් මේක බලන්නකෝ 😁 හැමදේම ඇති ඒකෙ. ආයෙ කියන්නෙ යන්න ආසනම් කතා කරන්න අනිව. දෙන්නම් හැම විස්තරයක්ම.

_________________________________________________________

Background Music Credits:
Artist: Luis Enrique Martínez Briceño (Dj Vensor)
Title: Ilusión Digital
Genre: Electronic - Techno
4 سال پیش در تاریخ 1399/06/04 منتشر شده است.
188,987 بـار بازدید شده
... بیشتر