Sapumal suwandak se...Dr. Amara Ranathunga.

Rajitha Jayamini Withanachchi
Rajitha Jayamini Withanachchi
403.6 هزار بار بازدید - 12 سال پیش - සපු මල් සුවඳක් සේ.....සීතල රෑ
සපු මල් සුවඳක් සේ.....සීතල රෑ යාමේ.......
හද කුටියට ඔබ හෙමිහිට වැඩියා
කිසිවකු නෑ දුටුවේ......
සපු මල් සුවඳක් සේ......

හැන්දෑ වළාකුලේ......අටවක හඳ මඩලේ.....
මේ හැම තැන ඔබ සැඟවී සිටියා.....
මා පමණයි දුටුවේ......
සපු මල් සුවඳක් සේ......

ලොව නිදි අඳුරු පැයේ.....සීපදයක් වැන්නේ....
සවනත සනහා මා ළඟ උන්නා....
රැය පමණයි දුටුවේ ....
සපු මල් සුවඳක් සේ......

සපු මල් සුවඳක් සේ.....යළි නෑ හැර යන්නේ.....
මහමෙර ලෙස ඔබ නොසැලී සිටියා....
ඇයි මුළු ලොව දුටුවේ......

සපු මල් සුවඳක් සේ......සීතල රෑ යාමේ......
හද කුටියට ඔබ හෙමිහිට වැඩියා.....
කිසිවකු නෑ දුටුවේ......
සපු මල් සුවඳක් සේ.......

ගී පද - දයා ද අල්විස්
සංගීතය - ආචාර්ය දයාරත්න රණතුංග
ගායනය - මහාචාර්ය අමරා රණතුංග
12 سال پیش در تاریخ 1391/06/29 منتشر شده است.
403,668 بـار بازدید شده
... بیشتر