ආදරණීය බංචි කෙල්ල

Sajeev Rajaputhra
Sajeev Rajaputhra
37.5 هزار بار بازدید - 6 ماه پیش - ආදරණීය බංචි කෙල්ල,අපේ තාත්තගේ පණ
ආදරණීය බංචි කෙල්ල,
අපේ තාත්තගේ පණ වගේ ලඟින් ම හිටපු ඔයා අද එයාවයි අපිවයි දාලා ගියා. ඩඩ්ලි තාත්තා ඔයාට තිබ්බ ඒ ආදරය කොයිතරම් ද කියලා දකිනකොට ඒක ලබන්න ඔයා කොයිතරම් නම් ගිය ආත්මේ පින් කරලා ඇති ද කියලා තේරෙනවා.
ඒ වගේමයි ඔයා එයාට දුන්නු ආදරය. ව්‍යවසායකයෙක් විදිහට ජීවිතේ කොයිතරම් අසීරු කාල එනවද කියලා මම දන්නවා. බංචි,  ඒ අවස්ථා වලදී තාත්තා ඒ දුක ඔයාගෙත් එක්ක බෙදාගත්ත හැටිත් අපි දැකලා තියෙනවා.
හැමෝම ඔයාට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා. ඒත් මට ඒක කරන්න අමාරුයි. මොකද මම දන්නවා තාත්තා කොච්චර ඔයා ආයෙ එනකං බලං ඉන්නවද කියලා.
ඒ නිසා පොඩි රෙස්ට් එකක් අරං, ගිය තැනකින් ඔයා ආපහු ඒ ආදරණීය විදිහට ම අපේ තාත්තා ගාවට, අපි අතරට ආයෙ එන්න බංචි කෙල්ල.. එතකං අපි ආදරයෙන් බලන් ඉන්නවා 🙏🏼❤️
6 ماه پیش در تاریخ 1402/11/18 منتشر شده است.
37,538 بـار بازدید شده
... بیشتر