දිරිය දෝණි (‌තේමා ගීතය ) | සත්‍යා මෙන්ඩිස් සහ කවීෂා ගීත්මි [www.hirutv.lk]

Hiru Life Music
Hiru Life Music
1.1 میلیون بار بازدید - 5 سال پیش - Song - Diriya DoniArtist -
Song - Diriya Doni
Artist - Sathya Mendis and Kaveesha Githmi
Music - Thilina Ruhunage
Lyrics - Duminda Alahendra
Video - Hiru Tv

Download High Quality Video : https://bit.ly/2kaQo9J

Hriu TV Music Video Downlods - http://www.hirutv.lk/music
Hriu TV Music Audio Downloads - http://www.hirufm.lk/music

මහා පුදුම ඉපදීමක ආදරයක් මා කුසේ දරා
සිටියේ කොහොමද නොදනී දෝණී - බැඳුණේ පෙරුම් පුරා

සිනාසෙන්න උගනී මං අම්මේ ඔබ මෙන් පවන්සලා
හැබැයි නොවේ කාටත් බියවන්නේ - කාල වළාවකි මා

මගේ දිරිය දෝණී…///
ඔබයි දිරිය දෝණී

මල්පෙති සිවුමැලි රෝස පාට අත් තෙද බල විකුම් ගෙනා
ඊට සනුහරේ එදිරිව හැසිරේ - නුඹ රැක ගනිමී මා

අරමුණ දිනවන ඉරණම දැක දැක පසු නොබසින රිසිනා
පෙරමුණ අරගෙන ඉදිරියටම යමි - ඔබෙ ගුණ රකිමින් මා

මගේ දිරිය දෝණී…///
ඔබයි දිරිය දෝණී

අහසේ කෙළවර දිනා යන්න හැකි වෙනතුරු සෙවණ දෙමී
රකුසන්ගේ හිරිහැර කරදර බිඳ - සෙවණැල්ලේ බැඳෙමී

ආදරේ මතුරා කියනා මුව වදනින් සිසිල විඳී
නුඹේ සෙනෙහෙ දිරියෙන් වීරිය ගෙන - මේ ලොව ජය ගනිමී

මගේ දිරිය දෝණී…///
ඔබයි දිරිය දෝණී


#hirumusic #music #musicvideo
5 سال پیش در تاریخ 1398/06/20 منتشر شده است.
1,110,345 بـار بازدید شده
... بیشتر