World’s largest passenger Submarine | unforgettable Maldives මාල දිවයිනේ සබ්මැරීන් සංචාරය #submarine

Dinesh A Pathum
Dinesh A Pathum
47.8 هزار بار بازدید - 2 ماه پیش - Dear all, During my recent
Dear all, During my recent trip, I had the opportunity to visit the breathtaking Maldives, an archipelago of around 186 inhabited islands nestled near Sri Lanka and India. Upon landing in Male, a representative from the exquisite Cinnamon Dhonveli resort warmly welcomed me and escorted me to the serene retreat. The Maldives is truly a once-in-a-lifetime experience, with its clear blue skies, crystal-clear waters, powdery white sands, and vibrant marine life. One of the unforgettable highlights was the mesmerizing Whale Submarine ride, which is the world's largest and deepest diving passenger submarine. I've captured all these remarkable experiences along with stunning sunrises in a video, and I hope that it brings you as much joy as it has brought me. Greetings, I am Dinesh මාලේ ජනාධිපති නිල කාර්යාලය සහ ලංකා බැංකුව පසු කරමින් තවත් ජැටියක් වෙත ලගා වූ පසු මා හට දැක ගන්නට ලැබුනේ "සබ්මැරීනය" අයත් ආයතනයේ කාර්‍යමන්ඩලයේ කිහිප දෙනෙක් එහි රැදී සිටින ආකාරය යි. ඔවුන් මා හට ඔවුන්ගේ යාත්‍රාවකට ගොඩ වීමට මග පෙන් වූ අතර එය තරමක් පැරණි යාත්‍රාවකි. "දෝනිය" නමින් හදුන්වන මෙම යාත්‍රාවන් මාල දිවයින තුල සියවස් කිහිපයක සිටම මුහුද හරහා ප්‍රවාහන කටයුතු සදහා යොදා ගන්නා අතර සැබැවින්ම එම යාත්‍රාව පාරම්පරික සහ පැරණි යාත්‍රාවකි. දෝනියේ අසුන් ගත් මා හට සබ්මැරීන් සංචාරය සදහා පැමිනි තවත් විදේශිකය සංචාරකයන් කිහිප දෙනෙක් වූ අතර පැය භාගයක පමන මුහුදු ගමනකින් පසු දෝනිය ලගා වූයේ මහ මුහුද මැද නැංගුරම් ලා තිබූ "සබ්මැරීනය" වෙතයි. මුහුදේ ඉදි කොට තිබූ අට්ටාලයක් වැනි යාත්‍රාවන් දෙකක් මධ්‍යයේ නැංගුරම් ලා තිබූ සබ්මැරීනය ඒ වන විටත් මුහුදු ගමන වෙනුවෙන් සූදානම් කරමින් පැවතීම හදවතට අස්වැසිල්ලක් වූයේ මෙම ගමන මුහුදේ හෝ කාලගුණයේ යම් කිසි වෙනස් වීමක් හෝ ප්‍රචන්ඩ වීමක් පදනම් කොට ගෙන ඕනෑම විටක අත්හැර දැම්මට හැකියාව ඇති බැව් ඒ වන විටත් මා දැන සිටි නිසාවෙනි. සබ්මැරීනයට ගොඩ වීමට මද වේලාවක් එම යාත්‍රා අංගනයේ රැදී සිටිමට මා හටත් පැමිනි විදෙස් සංචාරකයන් හටත් සිදු වූ අතර ඉනික්බිතිව අපට ආරාධනා හිමි වූයේ සබ්මැරීනයට ගොඩ වීමටයි. පනස් දෙනෙකුට ගමන් කල හැකි සබ්මැරීනය ඇතුලත සෑම තැනකම පාහේ පිටත් හොදින් දිස් වන වීදුරු කවුලු සහ ඒ ආසන්නයේම සැප පහසු අසුන් සවි කොට තිබූ අතර සබ්මැරීනය සම්පූර්ණයෙන්ම වායු සමනය කොට තිබූනි. එ තුල විදුලි බුබුලින් ආලෝකමත් වී තිබුනේ අප පෙර දැක තිබූ යුධ සබ්මැරීනයන්ට හාත්පසින්ම වෙනස් ආකාරයකට යි. කෙසේ වෙතත් මද වේලාවකින් පසු දිය මත වා බුබුළු මතු කරමින් ගැඹුරු මුහුදට සබ්මැරීනය කිමිදෙන්නට පටන් ගත්තේ සබ්මැරීනයේ ඉදිරියේ සවි කොට ඇති පුවරුවේ ඇති ගැඹුරේ ප්‍රමානය ටිකෙන් ටික සංඛ්‍යාවෙන් වැඩි කරවමිනි. විශාල කොරල් පර, දිය යට ඇති කුඩා උස් බිම් සහ විශාල මත්ස්‍යයන්, මුහුදු ජීවින් අතරින් සබ්මැරීනය ගමන් කල අතර සැබැවින්ම මුහුද මතුපිට මුහුදු ගමනකට වඩා එය ඉතා සුව පහසු එකක් විය. මුහුදු මට්ටමෙන් අඩි සියයකටත් වඩා ගැඹුරට සබ්මැරීනය ගමන් කල අතර එහි සිටි මා හට මෙන්ම සංචාරකයන් සියල්ලන්ටමත් එය අමතක නොවන අත්දැකීමක් වූවාට සැක නැත. ආයුබෝවන් මම දිනේෂ්. ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ Instagram - www.instagram.com/dinesh_a_pathum ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ “Copyright @ [Dinesh A Pathum 2024]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“
2 ماه پیش در تاریخ 1403/04/15 منتشر شده است.
47,800 بـار بازدید شده
... بیشتر