Earthen Oven දර පෝරණුව 🍞☘️ 🍞☘️ 🍗

Village Kitchen SRI LANKA
Village Kitchen SRI LANKA
662.9 هزار بار بازدید - 4 سال پیش - #Earthen Oven
#Earthen Oven #දර පෝරණුව

🍗🌿☘️🥐 දර පෝරණුව ☘️🍞


*හුබස් මැටි
*ගගේ වැලි
*1ට1අනුපාතයට
*පාගා දින තුනක් පදම් වීම්ට තියන්න
*පාදම(ගඩොල් ,කබොක් ගල්,බ්ලොක්ගල් වැනි ගල් වර්ගයක් ආදාරයෙන් බදින්න
*පස් පුරවන්න
*අගලක් තූනී කොන්ක්‍රිට් ගල් තට්ටුව
*වීදුරු බෝතල්
*කැට ලුනු
*තුනී වැලි තට්ටුවක්
*ගඩොල් ඇතිරීම
*ඒ මත තෙත වැලි යොදාගෙන ඇතුලේ හැඩය සාදාගන්න
*දොරටුව සදහා ගඩොල් තුනක් තබා සකස්කර ගන්න
*තෙත පත්තර පිටු වලින් ආවරණය කරන්න
*පළමු මැටි තට්ටුව අගල් 3ක් ඝනකමට යොදන්න
*ඒ මත බෝතල් රැදවීම
*දෙවන මැටි තට්ටුව සදහා පලමුව මැටි මිශ්‍රණයටම වියළි තණකොළ,පිදුරු ,ඉලුක් වැනි දෙයක් එක්කර නැවත් පාගන්න
*දෙවන මැටි තට්ටුවට ප්‍රථම දොරටුව සදහා ලී හෝ තහඩු දොර ස්ථානගත කරන්න
*දෙවන මැටි තට්ටුව අගල් 3ක් ඝනකමට නැවත් යොදන්න
*ඉන්පසු දොරටුව ලග නිමාව

*විශේෂයෙන් මැටි ගුලි එකිනෙකට හොදින් සම්බන්ධ කිරිමට වගබලා ගන්න
*දින දෙකක් පමණ වේලුනු පසු ගින්දර දමන්න
*ගින්දර දැමු පසු සමහර විට මැටි කුඩා කොටස් කැඩි වැටෙනවා ඒ ගැන කලබල නොවන්න
*හොදින් වියලුනු පසු මැටි මතුපිට කුඩා පිපිරීම් ඇතිවේ
*ඒ සදහා නැවත් මැටි 1,සිමින්ති 1,වැලි 1ක් යොදා නැවත අගල් බාගයක් පමණ එම මිශ්‍රණය හොදින් ගාන්න
*දොරටුව ලග කැඩ් ඇත්නම්  ඒ මිශ්‍රණයෙන් ම ඒවාත් සකස් කරන්න නැවත් කිසිදු පිපිරීමක් සිදු නොවේ

*මුල් වරට අවම වශයෙන් පැය 4ක් වත් ගින්දර දැමිම සිදුකල යුතුයි (ඇතුලත වේලීම සදහා)

*ඉන්‍පසු  පැයක් දෙකක් පමණ ගින්දර දැමීම ප්‍රමාණවත්
*අද දින උදේ ගින්දර දමා රත් කලොත් පසු දින් දවල් වන තුරුත් ඇතුලත් රස්නය තියෙනවා
*ඒ නිසා ඕනම දෙයක් වේලගන්න පුලුවන්
*උත්සහ කරලා මටත් කියන්න

ප්‍රමාදයකින් පස්සේ නැවතත් කුස්සියේ දී ඔයාල හැමෝම හමුවෙන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි ❤️🌹

අද අපි කුස්සියට අලුත් දෙයක් අරගෙන එන්න හිතුවා,මගේ නම් ඒක ගොඩක් කල් ඉදලා තිබුනු ආසාවක්,අපිට ගොඩක් කෑම ජාති හදන්න ආසාව තිබුනත් පෝරණුවක් වගේ දේක හදන ගොඩක් කෑම ජාති අපිට මගහැරෙනවා,ඒ නිසා අපි හිත්වා අපි හැමෝටම ප්‍රයෝජනවත් පෝරණුවක් හදන්න,🍗☘️

ඒක හරිම පහසුවෙන් ලොකු වියදමක් නැතිව අපිට හදාහන්න පුලුවන්,එයින් අපිට ලොකු ඉතිරියකුත් වෙනවා,අපිට ඒ සදහා විදුලිය බින්දුවක් වත් යන්නේ නෑ,අපිට විදුලි පෝරණුවකින් කරන හැම දේම මේ දර පෝරණුවෙනුත් කරගන්න පුලුවන්,🍞🥐

ඒ වගේම මේ විඩියෝ එකෙන් දර පෝරණුව සකස් කරන ආකාරය පැහැදිලිව බලන්න පුලුවන් වගේම අපහැදිලි දෙයක් තියෙනව නම් අපෙන් අහන්න,ඕනම ගැටලුවකට අපි උත්තර දෙන්නත් ලැස්තියි,

🌹🌹❤️
එහෙනම් අපේ නිර්මාණය නරඹලා,අඩුපාඩු තියෙනව නම් අපිට ලියන්න
හැමෝටම සුබ සතිඅන්තයක්💐❤️🌹🌹


🍗🌿☘️earthenb stove ☘️🍞


After some time I'm so pleased to meet you all again in "kussiya"

,🍗☘️
Today, we thought about bringing a new thing to our "kussiya",It was my long time disire to make this real. Although, we're preparing so many recipies, unfortunately we skip lots of recipies that are preparing using an oven. Therefore, we thought of making an oven which is useful for all of us.🍗☘️🍞🥐
It can be make so easily and with a low cost by ourselves.By this we can save lots of money too. It won't use a pinch of electricity either. We can do each and everything which can be done using an electric oven by using this wood stove too.

You can learn how to make wood stove step by step by watching this video as we show you each and every step clearly. And make sure to ask us anything which are not clear in this guide. We're ready to answer you.

🌹🌹❤️💐❤️🌹🌹🌹
Then, watch our video and write us if you see any mistake.
Have a nice weekend to all of you..

#villagekitchensrilanka #earthenoven #countryfood #chicken
4 سال پیش در تاریخ 1399/06/16 منتشر شده است.
662,992 بـار بازدید شده
... بیشتر