රත්තරන් පෙම් පුරානේ | Raththaran Pem Purane (Lyrics) H. R. Jothipala

SL Lyrics
SL Lyrics
49.9 هزار بار بازدید - 2 سال پیش - රත්තරන් පෙම් පුරාණේහි සිතුවම් මකා
රත්තරන් පෙම් පුරාණේහි සිතුවම් මකා යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ, ලඳේ මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්නනම් දිලිඳු මේ අන්ධ නෙත් වාසනාවන්, ලඳේ රත්තරන් පෙම් පුරාණේහි සිතුවම් මකා යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ, ලඳේ ලොවක හිරු එළිය සඳ පහණ දැකගන්න හෝ උරුම පින් මහිම නැති මා වගේ අන්ධයෝ කිමද නෙතු දිලෙන අඟනුන්ට බැන්දේ සෙනේ? ඔබ නොවේ, ලඳුනි, මා අතිනි වරදක් වුනේ ලොව පෙනෙන ඔබද ලොව අඳුරු මට පෙම් බැඳී උන්නු ඒ යුගය අවසන්ද මගෙ ලොව බිඳී? රත්තරන් පෙම් පුරාණේහි සිතුවම් මකා යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ, ලඳේ කේජ අසමාන බලධාරි දෙවියන් පවා දෑස නැතිවුන් රකින්නේද සැනසුම් දෙවා? දෑස ඇති අයට පමණක්ද උරුමේ සෙනේ? ලඳුනි ආදරය අඳ අපිට නැතිදෝ අනේ? ලොව පෙනෙන ඔබද ලොව අඳුරු මට පෙම් බැඳී උන්නු ඒ යුගය අවසන්ද මගෙ ලොව බිඳී? රත්තරන් පෙම් පුරාණේහි සිතුවම් මකා යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ, ලඳේ මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්නනම් දිලිඳු මේ අන්ධ නෙත් වාසනාවන්, ලඳේ රත්තරන් පෙම් පුරාණේහි සිතුවම් මකා යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ, ලඳේ
2 سال پیش در تاریخ 1401/09/21 منتشر شده است.
49,961 بـار بازدید شده
... بیشتر