Thanha Asha - W.D. Amaradeva | Sinhala Songs Listing

178.4 هزار بار بازدید - 12 سال پیش - Click #DinuraCreations
Click #DinuraCreations for the top & latest Sinhala songs. තණ්හා ආශා.. Artist: WD Amaradeva | Lyrics: Madawala S Rathnayake | Music: Lionel Algama | Sinhala Film: Patachara 1964
Thanha Asha Lyrics:
තණ්හා ආශා
තණ්හා ආශා ඔලොගු කරේ ලා
මඟ තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
ඒ… සැපත සොයන්නද මේ යන්නේ
කතරේ… ඒ…
ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා

උතුරන ගංගා නියඟය ආදා //
වියළී යනවා ගහකොල මැලවී //
මල් හට ගන්නා වසන්තයම නෑ //
හැමදා…
අප යන මේ ගමනේ
තණ්හා ආශා

අඳුරෙන් ගැළවි
එළිය සොයන්නෝ
හැමදා අඳුරේ අඳුර දකින්නෝ
අඳුර දකින්නෝ
දිවියේ සාරය
දිවියේ සාරය මෙපමණි ඇත්තේ
අඳුරේ… ඒ…
අප හැම වල්මත් වී
තණ්හා ආශා

සැපත විනෝදේ උපත කඳුළ වේ
විපත පියා වේ මේ ලොව සැපතේ //
පිය පුතු දෙදෙනා එකටයි ඉන්නේ
කිසිදා… ආ...
නැත උන් වෙන් වන්නේ

තණ්හා ආශා ඔලොගු කරේ ලා
මග තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
ඒ… සැපත සොයන්නද මේ යන්නේ
කතරේ… ඒ…
ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා
WD Amaradeva Songs
Playlist
Sinhala Songs https://goo.gl/vQb5Ch https://goo.gl/BdrHJ4
#SinhalaSongs #WDAmaradeva
12 سال پیش در تاریخ 1391/10/19 منتشر شده است.
178,481 بـار بازدید شده
... بیشتر