Handa panak se Awidin (හඳපානක් සේ ඇවිදින්) Live I Athula Adhikari & Samitha Mudunkotuwa

Bandula Nanayakkarawasam
Bandula Nanayakkarawasam
2.6 میلیون بار بازدید - 3 سال پیش - "රෑ  ඉරපාන " මා ප්‍රාණ
"රෑ  ඉරපාන " මා ප්‍රාණ සමව  ඉදිරිපත් කළ , නිර්මාණය කළ  ගුවන් විදුලි වැඩසටහනක් ! 2011 සැප්තැම්බරයෙන්  ඇරඹුණේ
එය  රාජ්‍ය සංගීත උළෙලේ  රන් සම්මානයෙන් පුද ලද විට , ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ මෙන්ම  දෘශ්‍ය  කලා විශ්ව විද්‍යාලයීය ආචාර්යවරයෙකු  වන සෙනේෂ් බණ්ඩාර දිසානායක  එය  හැඳින්වූයේ "අපේ  කාලයේ  විශිෂ්ටතම ඉලෙක්ට්‍රොනික කොලම "  ලෙස ! මේ  හැම අසිරියක්ම කැඳවූ රෑ ඉරපානේ  පැය  2 ක්  පුරා වැඩසටහන්  159 ක්  අරා මා අවලෝකනය කළේ  මා නොලියූ  අන්‍යයන් ලියූ ගී .. කවදාවත් මගේ ගීයක් මා එහි බහාලුයේ නෑ ! එනමුදු  නෙලුම් පොකුණේ  2017  මාර්තු 10 වැනිදා මගේ උපන් දිනේ විසල් රසික සහෘද කැළතක් හමුවේ පැවැත්වුණු  රෑ  ඉරපානේ  ගැයුනේ  එදා මෙදාතුර  මා ලියූ  ගී රැසෙන් තෝරාගත් ගී  32 ක්  ,  ප්‍රකට ප්‍රවීණ  ගායක ගායිකාවන් 33 කගේ  හඬින් ..!  ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ  සංගීතයට !

මගේ  you tube  ඕඝයෙන්  එම  ප්‍රසංගයේ ගැයුණු  ගී 32න්  එක ගීයක්  ඔබට පිරිනමන්නට  මට හිතුනා !

" හඳපානක්  සේ ඇවිදින් "  අතුල - සමිතා ගැයූ , රෝහණ වීරසිංහයන්  සංගීතවත් කෙරූ  යුග ගීතය අතිශයින්ම ජනප්‍රිය වුනා
මෙරට පැවැත්වූ  ප්‍රථම සංගීත සම්මාන උළෙලේ  "ජනප්‍රියම ගීතය " හඳපානක් " වීම මා  දිවයිනේ  ජනප්‍රියම  ගීත රචකයා බවටත් ආචාර්ය  රෝහණ වීරසිංහ  ජනප්‍රියම සංගීතඥයා  බවටත් , අතුල සමිතා  ජනප්‍රියම  ගායකයා සහ  ගායිකාව බවටත් පත් කළා !

දශක තුනක් වෙන්න ආ  මේ  ගීතය  අද තවත්  මට  ඇහෙන්නෙ සුහුඹුල් , නෑඹුල්  ගීයක් ලෙස ,
ඒ  මගේ ඒ යුගයේ ලියවුනු  හින්දද   මන්දා ...!
3 سال پیش در تاریخ 1400/01/10 منتشر شده است.
2,695,975 بـار بازدید شده
... بیشتر