අකල් මරණ දකින හැම මොහොතකම මේ බණ පදය සිහි කරන්න | KOLABISSE HIMI DAMMANANDA@wassanadarmadeshana9842

2.6 هزار بار بازدید - ماه قبل - දායකත්වය ෴  කහතුඩුව බතලවත්ත පදිංචි
දායකත්වය ෴
 කහතුඩුව බතලවත්ත පදිංචි එච් ඒ පද්මිනී මහත්මිය
ප්‍රධාන අරමුණු ෴
  ජනවාරි මස 27 වන දින අකල් මරණයකට ගොදුර වූ වයස අවුරුදු 15 ක් වන පවන් මේනුක ආදරණීය පුතුට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදුකිරීම මෙම ධර්ම දානමය කුසලයේ අනුභාව බලයෙන් මතු කිසිදු භවයකදී පවන් මේනුක ආදරණීය පුතුට අකල් මරණවලට ගොදුරු නොවී නිදුක් නිරෝගී සුවය සමඟින් දිර්ඝායුෂ ලැබීම පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!

සෙසු අරමුණු ෴
ගයාන් දේනුක ලොකු පුතාට සහ රශිණි උදේශිකා දියණියටත් ග්‍රහ දොස් අපල ඇත්නම් ඒවා දුරු වී සෙත ශාන්තිය උදා වී සුවපත් සැපවත් මානසික සුවයෙන් පිරී ජීවිතයක් ගත කිරීම පිණිස මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා

එමෙන්ම පින්බර දායකත්වය ගෙන කටයුතු කළ එච්.ඒ පද්මිණී මහත්මියගේ පරලොව සැපත් ආදරණීය දෙමාපියන්ටත් දයාබර ස්වාමිපුරුෂයා වන සමරවීර මහත්මා ඇතුළු නමින් මියගිය වර්ග පරම්පරාවේ සියලුම ඥාතීහිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම

දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් පතා ආශීර්වාද කිරීම

පින්බර දායකත්වය ගෙන කටයුතු කළ එච්.ඒ පද්මිණි මහත්මියගේත් කරදර දුරු වී සිතට සහනය සැනසුම උදාවී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ පින් අනුමෝදන් වේවා..!

ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
ماه قبل در تاریخ 1403/03/31 منتشر شده است.
2,612 بـار بازدید شده
... بیشتر