Poonagala | Misty Mountain Camping | පූනාගල කදු මුදුනේ කදවුරු බැදීම | මීදුම පිරුණු තැන්නක #poonagala

Dinesh A Pathum
Dinesh A Pathum
134.3 هزار بار بازدید - 2 سال پیش - The cold weather of Haputhale
The cold weather of Haputhale reduced as the mist of Haputhale hills disappeared. We got ourselves ready quickly to fulfil one of our dreams to hike the poonagala hill. We came through the Boralanda road and entered poonagala road, but this was a bit of a challenge since the carpet road continued as an off-road. Another challah is a few Elephants were crossing this road from time to time. Somehow we managed to enter one end of Poonagala after passing a few beautiful villages. The infinite lush green fields of poonagala are heavenly and beautiful. We took a risk to move from one end to another from our motorcycles. This field is breathtaking. We were surrounded by a circle of mountains which brightened our experience and kept our cherished memories. After laying our tents, we waited for the sun to go down with a cup of tea. The night was misty and cold. Join my vlog to experience these beautiful memories. Greetings, I’m Dinesh හපුතලේ ඇති උස් කඳු මුදුන් අතරින් හිරු පායා එත්ම අවට වටපිටාව බොද කරගෙන තිබූ මීදුම් වලාවන් කෙමෙන් කෙමෙන් පහව ගියේ හපුතලේ ගත කල සීතල රාත්‍රියකට ආයුබෝවන් කියමිනුයි. පෙර දින හපුතලයට පැමිණි අප රැය පහන් වත්ම කඩිමුඩියේ ලක ලැහැස්ති වූයේ කලෙක සිට සිහිනයක්ව පැවති පූනාගල කඳු මුදුනට යාමටයි. අපි බෙරගලින් පහල වැල්ලවාය මාර්ගයේ ගමන්කොට, සේන්දු වූයේ පූනාගල මාර්ගයට යි. මුලින් තාර යොදා සකස් කොට තිබූ මාර්ගය තවත් යම් දුරක් ගෙවා ගිය පසු යොමුවන්නේ බොරලු පාරකටයි. පාර අබලන් වීමට වඩා ගැටලුව වූයේ මාර්ගය දුශ්කර වන ප්‍රදේශයේ සිට විශාල හස්තිරාජයන් පිරිසක් නිතර නිතර මාර්ගයට පැමිණීමයි. කෙසේ වෙතත් අප කුඩා ගම්මාන කිහිපයක් පසු කොට සුන්දර මිටියාවතක් දිගේ ගොස්,සේන්දු වූයේ පූනාගල කඳු වැටියේ එක් අන්තයකටයි. පේන තෙක් මානයම ලා කොල පැහැති අඩියකට වඩා නො-උස් වූ තණකොල වලින් වසාගත් කඳු වැටිය ඈතට යන තෙක්ම ඒකාකාරී ව දිස් වන්නේ දෑසට පාරාදීසයකට සමාන හැඩ හුරුකමක් මවමිනි. අප ගොඩබට වූ කඳු අන්තයේ සිට ඈතින් පෙනුනු එක් කඳු මුදුනකට දා පැදියෙන්ම ගමන් කලේ යම්කිසි අවධානමක් ගනිමිනි. එයින් නොනැවතුන අප, තවත් කඳු මුදුනකටත් ගමන් කලේ කදවුරු බැදීමට සුදුසු තැනක් සොයා ගැනීමටයි. සොදුරු මිටියාවතේ සෑම තැනක්ම එකම අයුරින් සොදුරුය. සිසිල් සුළග තණකොල මත ගැටී මවනා සොදුරු නර්තනය මනරම්‍ ය. කඳු වළල්ලකින් වටව තිබෙන අප රැදී සිටි කඳු මුදුන වටා ඇති කඳු සියල්ලක්ම පාහේ එකම අයුරින් සුන්දර ය. ඈතින් පෙනෙන වැල්ලවාය නගරයත් හම්බන්තොට, යාල දක්වා පෙනෙන භුමියත් පුදුම සහගතයි.. අප කදවුරු බැද සවස් වන තෙක් කාලය ගත කලේ උණුසුම් තේ පානයක් සාදා ගැනීමටත් කාලය වෙන් කර ගනිමිනුයි. අප රැදී සිටි කඳු මුදුනේ සිට තවත් කිලෝමීටරයක පමණ ඈතින් තිබූ කඳු මුදුනකට ගමන් කලේ හිරුගේ නික්ම යාම නැරැඹීමට සුදුසු තැනක් සොයා ගැනීමටයි. රාත්‍රිය උදා වන තෙක් එහි රැදී සිටි අප නැවත කදවුරු භූමිය වෙත පැමිණියේ මීදුමෙන් වසා ගත් කඳු මුදුනේ සීතලට නිරාවරණය වෙමි නි. හෙට උදයේ මේ සොදුරු කඳු මුදුනට හිරු පායා එන සැටිත්, ඒ අවට ඇති සොදුරු නැරඹුම් ස්ථාන වලටත් රූප රචනාවෙන්ම ගොස් හමුවෙමු. "සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි" ආයුබෝවන් මම දිනේෂ්. ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ Instagram - www.instagram.com/dinesh_a_pathum ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
2 سال پیش در تاریخ 1401/09/17 منتشر شده است.
134,333 بـار بازدید شده
... بیشتر