How to decide a camera angle (sinhala) - part 01 | කැමරා කෝණ තීරණය කරන්නේ කෙසේද? - 01

Ceylon Film Academy
Ceylon Film Academy
3.9 هزار بار بازدید - 4 سال پیش - සිනමාව යනු විශ්ව භාෂාවකි. එමෙන්ම
සිනමාව යනු විශ්ව භාෂාවකි. එමෙන්ම විශාල වශයෙන් අදායම් ඉපැයිය හැකි ව්‍යාපාරයකි. 19 වන සියවසේදී පුළුල් රිදී තිරයෙන් ඇරඹි සිනමාව නූතන ලෝකයේ දියුණුවත් සමග ප්‍රේක්ෂකයාගේ දෑත් මතට පැමිණ තිබේ. සිමා රහිතව මුදල් උපයන ලෝක සිනමාව දිනෙන් දින දියුණු වන අතර සිනමා අධ්‍යාපනයටද හිමි වන්නේ සමාජයේ ඇති අනෙක් විෂයන්ට හා සමාන ස්ථානයකි. ශ්‍රී ලංකාව තුල සිනමාව බිහිවී සියවසක් ගත වීමට ආසන්න වුවද අද වනතුරු ජාත්‍යන්තරව පිළිගතහැකි සිනමා පාසලක් බිහිවී නොතිබීම ඉතා දුක්බර කාරණාවකි. එදා මෙදා තුර ජාත්‍යන්තර සම්මානයන්ට ලක්‌වූ නිර්මාණ රාශියක් ලංකාව තුල බිහිවුවද නව පරපුරක් බිහි කිරීමට අපගේ මුතුන් මිත්තන් අපොහොසත් විය. උගෙනීමට ආයතනයක් නොමැති කල අතපතගා හෝ ඉන්දියානු ගොට්ටෙන් පෙරී වැටෙන යමක් ලෙවකා බැලීමට බොහෝ දෙනා හුරු වී සිටී. නොදැන ගොස් අතරමග සිටින වුන් සහ කෝට්ටේ යන පරංගින් අතර කතරගම යන එකෙක් දෙන්නෙක්ද සිටිති. හේලිගේ ධුමකෙතුව මෙන් කලකින් හටගන්නා එවන් නිර්මාණ බිහිවන්නේද තම ස්ව උත්සාහයෙන් මහන්සියෙන් කරන නිර්මාණ හේතුවෙන් මිසක ඔවුනට ලැබුණු ලාංකේය සිනමාවේ අභාශය නිසා නොව. අද වන විට රටවල් ගණනාවක් මෙම දියමන්ති ආකරය කණිමින් සිටී. නිසි අධ්‍යාපනයක් තුලින් බිහි වන සාර්ථක සිනමා නිර්මාණකරුවන් අනෙක් සියලුම ව්‍යාපාර අභිබවා යමින් ඩොලර් බිලියන ගණන් විදේශ විනිමය තම රට තුලට ගෙන ඒමට සමත්ව ඇත. අවිධිමත් සිනමා අධ්‍යාපනය තුල මංමුලා වී සිටින ලාංකිකයන් දිනෙන් දින අභාවයට යනු ඇත. එසේනම් අප කුමක් කරමුද?

එදා මෙදා තුර බිහි වූ ඇතැම් ආයතනයන් තුල මුලික සිනමා අධ්‍යන පාඨමාලා පැවත්වුවද ඒවා බොහොමයක් විධිමත් විෂය නිර්දේශයකට යටත් නොවූ එකිනෙකට පරස්පර වූ ඒවා බැවින් බොහෝ සිසුන් අතරමගදී පාඨමාලාව හැර යන්නේ එම ඉගැන්වීම් තුලින් තමාට කිසිවක් කරගත නොහැකි බව වැටහුණු පසුය. නමුත් ඉන් අතලොස්සක් ගුණාත්මක පාඨමාලා වන අතර ඒවා ඉතා දුලබය. පාඨමාලා ගාස්තුවද ඉතා අධික බැවින් බොහෝ දෙනාට ලංකාව තුල සිනමාව සිහිනයක්ම වේ.

එබැවින් අපි උගත් සියලුම දෑ මුල සිට අගට මෙම යුටුයුබ් චැනලය තුලින් ඔබට සමීප කරවීමට බලාපොරොත්තු වෙමු. සිනමාකරණය පිළිබද කිසිදු දැනුමක් නැති කෙනෙකුට පවා පහසුවෙන් තෙරුම්ගතහැකි ලෙස අප මෙහි අන්තර්ගතයන් සකස් කර ඇති බැවින් සියලුම පාඩම් මාලා අවධානයෙන් නැරඹීම තුලින් ඔබට පහසුවෙන් දක්ෂ සිනමාකරුවෙක් වීමට පන්නරය ලබාගත හැක. අනාගතයේ ලාංකේය සිනමාව ලෝක සිනමාවේ හිණිපෙත්තට නැංවීම අපගේ අරමුණයි..

#filmmakingsinhala #cinema
4 سال پیش در تاریخ 1399/08/05 منتشر شده است.
3,925 بـار بازدید شده
... بیشتر