කුරහන් යායේ - ටී. එම්. ජයරත්න | Kurahan Yaye - T M Jayarathna

ELAKIRI LANKA
ELAKIRI LANKA
79 هزار بار بازدید - 5 سال پیش - ගායනය: ටී. එම්. ජයරත්නසංගීතය: ස්ටැන්ලි
ගායනය: ටී. එම්. ජයරත්න
සංගීතය: ස්ටැන්ලි පීරිස්
පද රචනය: කුලරත්න ආරියවංස


කුරහන් යායේ සඳ උදුරාගෙන
හිතට දුකක් ගලනා වේලේ
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී
නුබට ඇසේවා සුදු නෑනේ

එදා වගේ සැදෑ අදුර
වැව් බැම්මෙන් ගලා ඇවිත්
උණ පඳුරේ සෙවණ සදනවා

කීව කතා රහසේ යලි සිතට නැගෙනවා

කුරහන් යායේ සඳ උදුරාගෙන
හිතට දුකක් ගලනා වේලේ
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී
නුබට ඇසේවා සුදු නෑනේ

මගේ පැලේ හිනැහීගෙන
සිටිනා ලෙස නුබේ රුවින්
නිදි පැදුරේ සිහින පෙනෙනවා
ඈත සිටින නුබෙ නාමෙන් දෑස තෙමෙනවා

කුරහන් යායේ සඳ උදුරාගෙන
හිතට දුකක් ගලනා වේලේ
රෑ තුන් යාමේ ගැයෙනා මේ ගී
නුබට ඇසේවා සුදු නෑනේ

මෙය හුදෙක් උසස් රසාස්වාදය සදහා පමණක් වන අතර වාණිජ පරමාර්ථයකින් තොරය. ගීතයේ සම්පුර්ණ අයිතිය එහි මුල් අයිතිකරුවන් සතුය.
5 سال پیش در تاریخ 1398/12/05 منتشر شده است.
79,014 بـار بازدید شده
... بیشتر